IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


වැවිලි බෝග -ආයුර්වේද ඖෂධ අපනයනයට නවීණ කර්මාන්ත ශාලාවක්

(යොහාන් භාසුර)

වැවිලි බෝග සහ ආයුර්වේද ඖෂධ සඳහා භාවිතා කරන ශ්‍රී ලංකාවේ වගා  නිෂ්පාදනවලට අගය එකතු කර යුරෝපයට අපනයනය කිරීමට අවශ්‍ය නවීණ තාක්ෂණයෙන් යුක්ත කර්මාන්ත ශාලාවක් ජනවාරි මාසයේදී විවෘත කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමත් සමගම මෙතෙක් සාම්ප්‍රදායිකව අපනයනය කළ සියලු කුළුබඩුවලට ගුණාත්මක තත්ත්වයෙන් අගය එකතු කර ශාකසාර ඇසුරින් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කිරීමට ඇතුළු විශාල නිෂ්පාදන පරාසයකට අවශ්‍ය නවීණතම තාක්ෂණය ලැබෙන බව කී කර්මාන්ත අමාත්‍යවරයා ගොවීන් ලක්ෂ 10 කගේ පමණ නිෂ්පාදන, අගය එකතු කර දේශීය හා විදේශීය වෙළඳපොළට සැපයීමට මෙමගින් හැකියාව ලැබෙන බවත් සඳහන් කළේය.

මෙම කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් හා යන්ත්‍ර සූත්‍ර සඳහා වර්ල්ඩ් වයිඩ් කොමොඩිටීස් පෞද්ගලික සමාගම රුපියල් කෝටි 300 ක් පමණ ආයෝජනය කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා වර්ල්ඩ් වයිඩ් කොමොඩිටීස් පුද්ගලික සමාගමේ පන්නිපිටිය, රුක්මලේ පිහිටි අගය එකතු කළ කුළුබඩු ඇතුළු නිෂ්පාදන රැසක් අපනයනය කරන කර්මාන්ත ශාලාව නීරික්‍ෂණය කිරීමෙන් පසු එසේ පැවසීය. 



අදහස් (4)

වැවිලි බෝග -ආයුර්වේද ඖෂධ අපනයනයට නවීණ කර්මාන්ත ශාලාවක්

sharm warn Thursday, 25 November 2021 04:33 PM

අහ්... මෙන්න මෙයා... කෝ අර කුරහන් පාට කමිස එහෙම.? දැන් ලා නිල් වෙලාද හදිස්සියේම.?

:       0       0

Sam Thursday, 25 November 2021 07:30 PM

හරියට එකතුවෙලා වැඩ කරා නම් මෙලහකටත් කොවිඩ් වලිනුත් ප්‍රයෝජනයක් ගන්න අපේ රටට තිබුන. කොවිඩ් වල බහුතර සංකුලතා ,සිංහල වෙදකමෙන් නිවාරණය කරනවා. ඒ ගැන රටක් විදියට දොස්තරලයි ,සිංහල වෙදුණුයි ලයි එකතු වෙලා ලොකු දෙයක් කරන්න තිබුණු අවස්තාව නැතිකරගත්තා. ඒකට මුලික අඩිතාලම දාන්න තිබුනේ පාර්ලිමේන්තුවට ,ඒකාබද්දව ,ව්‍යසනයකදී වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක්, දේශපාලනයක් රටේ නැතිකමින් ලොකු හානියක් වුණා

:       0       0

Lal kumara Thursday, 25 November 2021 10:25 PM

අවංක උත්සාහයක් බව පෙනෙනවා. අගය කරනවා.

:       0       0

අප්පුහාමි Friday, 26 November 2021 07:32 AM

කර්මාන්ත ශාලා ඇති කිරීමට සමගාමීව ආයුර්වේද ඔසු වගාවන් කිරීමට දිරි ගැන්වීම කලයුතුය .මෙයට කලකට පෙර මොනරාගල මන්ත්‍රීවරියක්ද පසුගිය සතියේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියද ඊයේ උද්දික මන්ත්‍රීද කංසා හෙවත් ගංජා ගැන කතා කලා එම වගාව ඉංග්‍රීසීන් තහනම් කලේ සිංහලයින්ට දඩුවමක් හැටියටයි .එනිසා දැන්වත් එම තහනම ඉවත් කරල බලපත්‍ර ක්‍රමයක් යටතේ වගාවට අවසර දිම සුදුසුයී වලේ වැටුණු එකා වලකටින්ම ගොඩ ආයුතුය. ඒ අතර දිගුකාලීනව වල්ලා ගස් වගාවටත් මුල් කාලයේ තේ වගාවට අවසර දුන් ආකාරයට අවසර දී වගාවට දිරිගැන්වීම කිරීම අනාගත ආයෝජනයකි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 340 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 427 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site