IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෙළෙඳකලාපවලට ඡන්ද මධ්‍යස්ථාන ඉල්ලයි

(ගයාන් සූරියආරච්චි)

නිදහස් වෙළෙද කලාපවල සේවය කරන සේවිකාවන්ට ඡන්දය ප්‍රකාශ කිරිම සදහා තැපැල් ඡන්ද අවස්ථා හෝ ජංගම ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවන ලෙස මැතිවරණ කොමිසමට යෝජනා ඉදිරිපත් කළ බව මව්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ ව්‍යාපෘති කළමනාකාරිනී ගයනි ගෝමස් මහත්මිය පැවැසුවාය.

ඇය මේ බව පැවැසූවේ ඊයේ (23) කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සමහර වෙළෙද කලාපවල ස්ථාපිත ආයතන නිසි පරිදි ඡන්දය ප්‍රකාශ කිරිම සදහා ප්‍රමාණවත් නිවාඩු අනුමත නොකරන බැවින් සේවිකාවන් බොහෝමයක් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්වලට නොයන බවද නිරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇති බව ගෝමස් මහත්මිය කීවාය.

 



අදහස් (5)

වෙළෙඳකලාපවලට ඡන්ද මධ්‍යස්ථාන ඉල්ලයි

Chinthaka Wednesday, 23 October 2024 04:19 PM

ඡන්ද මධ්‍යස්ථාන ඇති කලා කියලා නම් ප්‍රශ්නය විසදෙන්නේ නැහැ මොකද අපි හිතමු කටුනායක කලාපයේ හම්බන්තොට කෙනෙක් සේවය කරනවා කියලා ඉතින් උදේ කලාපයේ මධ්‍යස්ථානයේ පාවිච්චි කරන ඡන්ද පත්‍රිකාව සවස ගණන් කිරීම සඳහා හම්බන්තොට දිසාපති කාර්‍යාලයට යවන්නේ කොහොමද? යම්කලක තාක්ෂණය උපයෝගී කරගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඔය ප්‍රශ්නය විසදේවී ඔය ප්‍රශ්නය රෝහල්වල සිටින වෛද්‍යවරුන් හෙදියන් රසායනාගාර නිළධාරීන් හා සුලු සේවකයින් සඳහා බලපානවා. ඒවාට පහසුකම් ඇති වෙනවා නම් හොදයි තමයි ඡන්ද මධ්‍යස්ථාන ඇති කළා කියලා නම් විසදුමක් නැහැ.

:       2       13

Chathura PrabasWednesday, 23 October 2024 04:43 PM

ඒකට හොඳම දේ තමයි තැපැල් ඡන්දය ලැබෙන එක...

:       0       15

#අපි කටුනායකWednesday, 23 October 2024 05:18 PM

කටුනායකම ගණන් කරලා ප්‍රථිපලේ විතරක් යවන්න (fax) කරන්නත් පුළුවන් නේද?

:       0       6

ChandathilakaWednesday, 23 October 2024 07:34 PM

ඡන්ද රාජකාරි කර පලපුරුද්දක් තියෙන නිසා එහෙම යවන්න බැහැ. මොකද අපේක්ෂකයින් තමන්ගේ ඉදිරියේ හෝ තමන්ගේ නියෝජිතයින් ඉදිරියේ ගණන් නොකළොත් එම ප්‍රතිඵල පිළිගන්නේ නැහැ. අදහස් ඉදිරිපත් කරන කෙනෙක් ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් හැටියට සහභාගි වෙලාම බලන්නකෝ...!

:       0       6

Bunny Preena Thursday, 24 October 2024 08:54 AM

මැතිවරණ කොමිසමට උත්සාහයක් කලොත් බැරිකමක් නැහැ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site