IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වැසිකිළි වළෙන් හමුවු කතගේ සිරුර ගැන වතගොත හෙළිවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයක  වැසිකිළි වළක දමා තිබියදී සොයාගත් කාන්තා මළ සිරුර ඇයගේ ඥාතීන් පැමිණ අද 31 හඳුනාගත් බව පානදුර පින්වත්ත පොලිසිය සඳහන් කරයි 

මියගොස් සිටි කාන්තාව ගණේමුල්ල බොල්ලන පදිංචිව සිටි  එච් කේ තුෂාරි දිල්හානි  නමැති විසි නව හැවිරිදි දෙදරු මවකි 

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන ඇයගේ මළ සිරුර හඳුනාගනු ලැබුවේ ඇයගේ සැමියා, මව සහ සොයුරියන් දෙදෙනා බවත් පොලිසිය සඳහන් කරයි 

මීට වසර එක හමාරකට පමණ ඉහතදී නිවසින් බැහැරව ජීවත්වීමට කටයුතු කර තිබූ මියගිය තැනැත්තිය  ඉඳහිට නිවසට ඒම පුරුද්දක් කරගෙන තිබු බව පොලිසිය කියයි 

කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක ගත කර තිබූ මියගිය තැනැත්තිය මීට වසරකට පමණ ඉහතදී සිට  අයිස් මත්ද්‍රව්‍ය පානය දැඩිව ඇබ්බැහිව සිටි තැනැත්තියක් බවට  විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය 

කඩවත ප්‍රදේශයේ  රාත්‍රී සමාජ ශාලාවකදී  ඇය සමග මිතුරු වූ පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයේ කළමනාකරු  තවත් පුද්ගලයෙකු සමග එම කාන්තාව පින්වත්ත හෝටලයට රැගෙනවිත් එහි අංක 605 කාමරය රඳවාගෙන සිට ඇති බව  මූලික විමර්ශනවලදී අනාවරණය විය 

ඉකුත් 29 වැනි දින පානදුර පින්වත්ත පොලිසියට නිවාඩු නිකේතන හිමිකරුගෙන් ලද පැමිණිල්ලක් අනුව නිවාඩු නිකේතනයේ සේවකයන් දෙදෙනකු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් අතර කාන්තාවගේ මළ සිරුර  නිවාඩු නිකේතන භූමියේ වැසිකිලි වැසිකිලි වලක තිබියදී  ගොඩ ගන්නා ලදී.

මියගොස් සිටි කාන්තාව කාමර අංක 605 සවි කර තිබෙන  විදුලි පංකාවේ ගෙළ වැළලාගෙන සිටිය බවත්  අනතුරුව කළමනාකරු ඇතුළු පිරිස  මළ සිරුර වැසිකිළි වලට දැමූ බවත් අත්අඩංගුවට ගත් එක් සේවකයෙකුගේ ප්‍රකාශයකින් අනාවරණය විය 

පානදුර අතිරේක මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතාගේ නියෝග මත මරණයට හේතුව දැන ගැනීමට  පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරිණි 

මෙම සිද්ධියත් සමඟම  එම කාන්තාව නිවාඩු නිකේතනයට රැගෙන ආ බව කියන එහි කළමනාකරු සේවකයෙකු  සහ පිටස්තර පුද්ගලයකු මේ වන විට සැඟවී සිටින අතර පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය 

මියගිය කාන්තාව එල්ලී දිවිනසා ගත්තාද? එසේ  නොමැතිනම් එල්ලා මැරුවා ද? එසේත් නොමැති නම් නොමැතිනම්  පහරදී ඝාතනය කළාද? යන්න පැණ කීපයක් ඔස්සේ විමර්ශන  සිදු කරණ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය 

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂනය පරීක්ෂණය හෙට 1 පැවැත්වීමට නියමිතය



අදහස් (0)

වැසිකිළි වළෙන් හමුවු කතගේ සිරුර ගැන වතගොත හෙළිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site