(යොහාන් භාසුර)
වැලිසර නාවික මහ රෝහලේ ඉදිකළ රුධිර කාන්දු පෙරණ ඒකකය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (15) විවෘත කළේය.
මෙම ප්‍රතිකාර ඒකකය නාවික හමුදා සුබ සාධක අරමුදල්වලින් ඉදිකළ අතර එහි උපාංග සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකය අරමුදල් සැපයීය.
මෙම ඒකකයෙන් වකුගඩු හා සම්බන්ධ විවිධ සංකූලතාවලින් පෙළෙන සියළුම සේවයේ නියුතු, විශ්‍රාමික නාවික නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව ලැබේ.
රුධිර කාන්දු පෙරණ ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රුවන් පෙරේරා, බටහිර නාවික විධානයේ ආඥාපති සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, අධ්‍යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මීරාල් සේනක සෙනවිරත්න සහ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය කොමදෝරු පී.ජේ.බී. මාරබේ මහත්වරු සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උළුගේතැන්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැලිසර නාවික මහරෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකය විවෘත කරයි