(විනීතා එම් ගමගේ)
ජනතාවගේ බරපතල විරෝධතාවක් ඇති ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා තුනෙන් දෙකක කැමැත්ත ලබා දීමට ශ්‍රීලනිප මන්ත‍්‍රීවරු ආණ්ඩුවට එක් වේයැයි සිතා සිටීම මුලාවක් යැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
ආණ්ඩුවේ පුළුල්ම සංධානයට ඉන්නේ මන්ත්‍රීවරු 127යි. ෆෙඩරල් ව්‍යවස්ථාවට සහය දෙන්නට ආණ්ඩුවේ පුළුල්ම සන්ධානයට ඉන්නේ මන්ත්‍රීවරු 126 ක් පමණක් යැයි ද ගම්මන්පිල මහතා පැවැසීය.
ශ්‍රීලනිප මන්ත‍්‍රී 21 ක් ලබාගෙන ව්‍යවස්ථාව සම්මත කර ගන්නා බවට සුමන්තිරන් මන්ත‍්‍රීවරයා පවසා ඇතත් මන්ත‍්‍රීවරු 24 දෙනෙක් නැතිව එය සම්මත කර ගත නොහැකි බව ද සඳහන් කළේය.
එජාපයේ 101 ක්, ශ්‍රීලනිප මන්ත‍්‍රිවරුන් හයදෙනා සහ දෙමළ සන්ධාන 14ත් ජවිපෙත් පමණක් යැයි පෙන්වා දුන් ගම්මන්පිල මහතා ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ බහුතරය හෙවත් මන්ත්‍රීවරුන් 150ක සහයෝගය ලැබිය යුතු යැයි ද පෙන්වා දුන්නේය.
ලංකා ඉතිහාසයේ ලොකුම පැති මාරුව වූ කරු ජයසූරිය මහතා සමග 17 දෙනෙකු ආණ්ඩුවට එකතු වීම සිදුවූයේ ජනතාවගේ ආශිර්වාදය මැද ත‍්‍රස්තවාදය පරාජය කරන ආණ්ඩුවකට යැයි කී මන්ත‍්‍රීවරයා රටේ දැවැන්ත විරෝධයක් ඇති ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට 24 දෙනෙකු එකතු කර ගත හැකි දැයි ප‍්‍රශ්න කළේය.
උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිට කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ අද (8) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාත
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘ව්‍යවස්ථාව දිනවන්න තුනෙන් දෙක ගන්න බෑ’