කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බේරීමට විෂ මත්පැන් පානය කළ ඉරාන වැසියන් 700 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට පුවත් සේවා අද (28) වාර්තා කළේය
මීට පෙර ද මේ අයුරින් වයිරසයෙන් බේරීමට මත්පැන් පාලනය කළ 1,000 කට ආසන්න පිරිසක් මියගිය බව ඉරානයෙන් වාර්තා විය. වයිරසයෙන් බේරීමට මද්‍යසාර (ඇල්කොහොල්) විෂබීජ නාශකයක් ලෙස භාවිතයට ගන්නැයි ඉරාන සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇත.
එම උපදෙස් වරදවා වටහා ගැනීමෙන්, 700 දෙනා ජීවිතක්ෂයට පත් වී ඇත්තේ විෂ මෙතනෝල් පානය කිරීමෙන් යැයි ඉරාන පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබිණි.
ඉරානයේ ඉස්ලාමීය නීතියට අනුව, මත්පැන් පානය තහනම්ය. මියගිය 700 දෙනාට අමතරව විෂ මෙතනෝල් පානය කළ 99 දෙනකු පූර්ණ අන්ධභාවයට පත් වී ඇතැයි ඉරාන සෞඛ්‍ය කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. විෂ මෙතනෝල් පානය කිරීමෙන් 5,011 දෙනකු රෝගාතුර වී ඇතැයි ද ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඇමෙරිකා සම්බාධක හමුවේ ඉරානය දරුණු ලෙස ‘කොවිඩ් 19’ වයිරසයෙන් බැටකන රටක් බවට පත් වී ඇත. ඉරානයේ ‘කොවිඩ්-19’ මරණ 5,800 පසු කර ඇති අතර, 91,000 කට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වී ඇත.
පසුගිය වසරේදී මත්පැන් විෂ වීමෙන් මියගොස් 66 දෙනකු බවත් පසුගිය වසරක කාලයේදී මත්පැන් විෂ වීමෙන් මියගිය ගණන 10 ගුණයකින් වැඩි වී ඇතැයි ඉරාන බලධාරීහු කීහ.
රොයිටර්ස්/අල්ජසීරා
055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වයිරසයෙන් බේරෙන්න විෂ මත්පැන් බී ඉරානයේ 700 ක් මරුට
Kumar Tuesday, 28 April 2020 03:40 PM
අපි අපගේ දෑත් නිවසෙන් පිටදී පිරිසිදුව තබාගන්න පාවිච්චි කරන ජෙලිවල තිබෙන්නේ 80%ක් ඉතයිල් ඇල්කොහොල්. ඉරානයේ අය බිලතිබෙන්නේ ලංකාවේ "වයින් ස්පිරිට්" කියන මීතයිල් ඇල්කොහොල්. මෙම අල්කොල් වර්ගය පානය කිරීමෙන් මොලයට හානි සිදුවී මරණයට පත් වෙනවා.
Anil rohana goonasekara Tuesday, 28 April 2020 11:42 PM
සත්තුන්ට වද දිලා මරන කාලකන්නි...