IMG-LOGO

විමල් මැතිසබයට ඇවිත් නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු  මේ දක්වා එකම  පාර්ලිමේන්තු රැස්වීමකටවත්  සහභාගීවී නැතැයි  වාර්තා වේ.

කෙසේ වෙතත් ඔහු පාර්ලිමේන්තුවේ කමිටු  රැස්වීම්වලට  සහභාගිවී ඇත.

විමල් වීරවංශ මහතා ඇමැති තනතුරින් ඉවත් කෙරුණේ  පසුගිය මාර්තු මස  3 වැනිදාය.

ඇමැති තනතුරින් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල මහතාත්  ඇමැති තනතුරේ කටයුතුවලින් ඉවත්වූ වාසුදේව නානායක්කාර මහතාත් පාර්ලිමේන්තු රැස්වීම් කිහිපයකටම පසුගිය දිනවල සහභාගිවූහ.

ඇමති තනතුරුවලින් ඉවත් කිරීමෙන් පසු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ට පාර්ලිමේන්තුවේ වෙන් කෙරුණේ  ආණ්ඩු පක්ෂයේ පසුපෙළ ආසන දෙකකි.



අදහස් (6)

විමල් මැතිසබයට ඇවිත් නෑ

Kumara Friday, 25 March 2022 05:59 PM

පාරට බහින්න බයේ ඉන්නේ කොල්ලො කුරුට්ටෝ ටොකු අනී කියලා... !

:       8       23

Prabha Friday, 25 March 2022 06:33 PM

දවස් පඩියට වැඩ කළා නම් හැමදාම ඒවි...

:       3       19

kamalSaturday, 26 March 2022 02:07 PM

කමියුනිකේෂන් එකේ රීලෝඩ් දාන්න ගිහින්... දෙන්න බැරිව ඉන්නවා පෙට්‍රල් නැතිව. මෙයාලාව පත්කළ අපිට පිටරටින් ඇවිත් බූවල්ලෙන් තලලා යන්න ඕනේ...

:       0       2

ජගත් ලියනගේ Friday, 25 March 2022 11:11 PM

කවුද දන්නේ බැසිල් හම්බවෙන්න ගිහිල්ලද කියලා...?

:       0       3

Nandalal DE SILVA - France Saturday, 26 March 2022 01:38 AM

ලොකු පොර ටෝක් දමමින් පාර්ලිමේන්තුව ‘‘දෙවනත් කරමින්‘‘ හිටපු මේ පංචායුධ ජෝකර්ට දැන් ඒකට ඇවිත් අනිකුත් මැති ඇමැතිවරුන්ට මුහුණ දෙන්න බැරි ලැජ්ජාව නිසා වෙන්න ඇති දැන් එන්න බැරුව ඉන්නේ..!!!

:       0       4

Perera Saturday, 26 March 2022 12:09 PM

මෙයා ආණ්ඩුවේ ඇතුලේ ඉඳන් ආණ්ඩුවට විරුද්ධ බව පෙන්නලා ජනතාව ආයෙමත් රවට්ටන්න හදන කෙනෙක්..

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 492 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 659 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 271 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site