(ඉන්දිකා රාමනායක)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ විරෝධතාව නිදහස් මාවතේ දී බැරියර් යොදා නතර කරවීම නිසා එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
(ඉන්දිකා රාමනායක)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ මැති ඇමැතිවරුන්ගේ සභාගීත්වයෙන් මීට සුළු මොහොතකර පෙර විරෝධතා පා ගමනක් ආරම්භ කළේය.
විපක්ෂ නායක කාර්යාලයෙන් ආරම්භ වූ මෙම පාගමනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේක, පාඨලි රණවක ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් එක්ව සිටිති.
මෙම විරෝධතා පා ගමන නිදහස් මාවත දෙනට ගමන් කරමින් සිටියි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විපක්ෂ පා ගමනට නිදහස් මාවතේ දී බාධා කරයි
සුජීව Sunday, 03 April 2022 11:14 AM
මේක ඉතාම හොද ධෛර්යමත් ආදර්ශයක්...
මහසෙන් Sunday, 03 April 2022 11:17 AM
අනුන්ගේ පහනින් එළිය බලන්න කියාපු කෙනා. තාත්තා ට හේත්තු නොවි තාමත් නැගිටින්න බෑ. පා ගමන් නොවේ බඩගාගෙන ගියත් ඔයා නෙවේ ඊළඟ තේරීම. ඔයයි ඔයාගේ කට්ටියයි හිතන් ඉන්නේ මීට පෙර ආණ්ඩු කළේ නෑ. මේ හිඟන තැනට රට ගේන්න ඔයයි, ඔයාගේ සෙට් එකයි හවුල් නෑ කියලද? ඔයත් මේ දිගුවේම කොටසක් පමණයි. යළිත් කියමි.... රට ඊළඟට බාරගන්න කෙනා ඔයාවත්, ඔයාගේ සෙට් එකවත් නෙමෙයි සජී බබා.
janahitha Sunday, 03 April 2022 12:42 PM
නාමල් පුතාද? එහෙනම් ඔහු දැන් ප්‍රකෝටිපතියෙක් පත්කරලා ලෝකයම එකට තියා අපි මුට්ටි පතුලට දාගමු...
මහසෙන්Sunday, 03 April 2022 05:30 PM
ඔයා ආස නාමල්ටද? එහෙනම් එයාව ගේන්න. ලියලා තියෙන දේ කන්නාඩිය ගලවලා බලන්න. කන්නාඩි දාගත්තම ඔහොම වෙනවා...
Sunil Sunday, 03 April 2022 11:18 AM
මෙලෙස පුවත් ගෙනඒම ගැන බෙහෙවින්ම ස්තුති වන්ත වෙමි. මේ දුර්දාන්ත රජය අපේ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්පූර්ණයෙන්ම අවහිර කර ඇත. විටින් විට අපව දැනුවත් කරන්න.
Shan Sunday, 03 April 2022 11:41 AM
පුළුවන් නම් මෙයාලවත් ඇතුළට දාන්නකෝ... මේකද නීතිය? දුප්පතාට එක නීතියක්... ගෝ හෝම්..!
සලීම්Sunday, 03 April 2022 03:48 PM
මෙච්චර රටට කෙලවෙලා තියෙන වෙලාවක තාමත් බයියන් ඉන්න එක පුදුම දෙයක්. මේ අයට කියන්න තියෙන්නේ සුද්ද සිංහලෙන්... මේ වෙලාවේ විපක්ෂය කරන මේ විරෝධතා සමස්ත ජනතාවම එක හෙළාම ආචාර කරලා එකසිතින් පිළිගන්නවා...
siri Sunday, 03 April 2022 11:50 AM
රටට ආදරේ කරන දේශප්‍රේමීන් දේශය විනාශ කරන බලවේග වලට එකාව නැගී සිට රට යහපත් තැනකට ගන්න.
Cisco Sunday, 03 April 2022 11:53 AM
හොරු එලවීමට තවත් රැලක්...
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 03 April 2022 12:45 PM
ඇඳිරි නීතිය දමන්න සුදුසු අවස්ථාවක් නෙමෙයි මේ.... රටේ ජනතාවට ජීවත් වෙන්න බැහැ.. තිබෙන පීඩනය නිසා. බඩු මුට්ටු ගිනි ගණන් වගේම බඩු මිල ඉහළ යෑම ජනතාවට කිසිසේත් දරන්නට බැහැ. මිනිස්සු පාරට බැස්සේ බැරිම තැන. මේ පීඩනය නවතන්නට හදිසි නීතිය හෝ ඇඳිරි නීතිය සමත් වෙන්නේ නැහැ.
sasandara Sunday, 03 April 2022 01:42 PM
මහරගම ජ.වි.පෙ උද්ඝෝෂණයේ පින්තූර තුනක් මේකට එකතු කළේ වැරදීමකින්ද? හිතාමතාමද?
de silva Sunday, 03 April 2022 01:42 PM
රැකියාවකට යන්න බැහැ. කන්න බොන්න සොයාගන්න විදිහක් නෑ... ඇඳිරි නීතිය දැම්මා කියලා මිනිස්සු ගෙවල් වල ඉන්න එකක් නැහැ. පොලිසියෙත් ඉන්නේ මිනිස්සු... රොබෝලා නෙවෙයි. ඔවුන්ටත් ප්‍රශ්න තිබෙනවා. පොලිසිය වුණත් ජනතාවගේ උද්ඝෝෂණවලට විරුද්ධ, විශාල ප්‍රතිරෝධයක් පෙන්වන්නේ නැහැ.
de silva Sunday, 03 April 2022 01:53 PM
සමහරුන්ට විපක්ෂය එළියට බැස්සත් වැරැදියි, නොබැස්සත් වැරැදියි.. මේ අවස්ථාවේ කළ යුත්තේ පක්ෂ, පාට, ජාති භේද අවසන් කර, පොදු සතුරාට විරුද්ධව සටන් කිරීමය.