IMG-LOGO

වෙන්නප්පුව සමූපකාර සමිතියේ 40කට කොරෝනා

( රවින්ද්‍ර ලියනගේ )

වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රධාන කාර්යාලයේ සේවකයින් 40 දෙනෙකුට කොව්ඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (21) රාත්‍රියේදී තහවුරු වී ඇතැයි වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
 
ප්‍රධාන කාර්යාලයේ සේවකයින් ‍දෙදෙනකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් අනතුරුව තවත් සේවකයින් 78 කුට සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිපල අනුව මෙම ආසාදිතයින් හඳුනා ගෙන ඇත.
 
මෙම ආසාදිතයින් වෙන්නප්පුව, ලුණුවිල, ගාලවත්ත, වයික්කාල, නයිනමඩම මිරිස්සන්කොටුව  දන්කොටුව හා මාරවිල ප්‍රදේශවල පදිංචිකරුවන් අතර කාන්තා ආසාදිතයින් 15ක් මේ අතර සිටින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියති.
 
ආසාදිතයින් ඊයේ (21) රාත්‍රි බිංගිරිය හා දඹදෙණිය කොව්ඩි -19 ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ආසාදිතයින්ගේ පවුල්වල සාමාජිකයින්  500 කට වැඩි පිරිසක් නිරෝධානයට ලක් කල බව වෙන්නප්පුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.එච්.එස්.ලුසේනා මහතා පැවැසිය.
 



අදහස් (0)

වෙන්නප්පුව සමූපකාර සමිතියේ 40කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 506 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site