(නිමල කොඩිතුවක්කු)
ජාතික පාසල් 354 න් 303 කම පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා නුසුදුස්සන් පත් කිරීමට ආණ්ඩුව රාජ්‍ය සේවා කොමිසන් සභාවට බලපෑම් එල්ල කරමින් සිටින බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දෙවන වතාවටත් රාජ්‍ය සේවා කොමිසන් සභා නිලධාරීන් කැඳවීමට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
ලංකා ගුරු සේවා සංගමය මරදාන පිහිටි සමාජ හා සමයික කේන්ද්‍රයේදී අද (21) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එම පුරප්පාඩු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව සඳහා විදුහල්පතිවරුන් නම් කර යවා ඇත්තේ සේවා පලපරුද්ද, දක්ෂතාවය ආදිය සඳහා සැලකිල්ලට ගන්නවා වෙනුවට තොරතුරු සන්නිවේදන තාක්ෂණය, ඉංග‍්‍රීසි ආදි විෂයන් සඳහා ලබාගෙන ඇති උපාධි සැලකිල්ලට ගනිමින් බවද ජයසිංහ මහතා පැවැසීය.
මේ හේතුවෙන් ඇතැම් ජාතික පාසල් සඳහා පළවෙනි ශ්‍රේණියේ නිලධාරින් වෙනුවට තුන්වෙනි ශ්‍රේණියේ නිලධාරීන් පවා නිර්දේශ වී ඇතැයිද ඔහු කීය.
තම හිතවතුන් ඉහළට ගෙන ඒමේ අරමුණින් එම ක‍්‍රියාමාර්ගය ගෙන ඇතැයිද මහින්ද ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව මෙම ලැයිස්තු ප‍්‍රතික්ෂේප කර ඇති නිසා අග‍්‍රාමාත්‍යවරයා විසින් පසුගිය 18 වනදා එම නිලධාරීන් කැඳවා ඇති බවත් එහි සභාපතිවරයා නොමැති වීම හේතුවෙන් යළිත් හෙට (22) දිනයේද ඔවුන් කැඳවා ඇතියිද ජයසිංහ මහතා පැවැසීය.
රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව සිදුකරන බලපෑම් නතර කරන ලෙසට ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් හෙතෙම කීය.
තම පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් තොරව විදුහල්පති පුරප්පාඩු තනතුරු සඳහා විධිමත් ක‍්‍රමවේදයකට අනුව සුදුස්සන් පත් කරන ලෙසද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් රජයෙන් ඉල්ලීමක් කරයි.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විදුහල්පති පුරප්පාඩු ගැන ගුරු සේවා සංගමයෙන් ආණ්ඩුවට චෝදනාවක්