IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදුලි රැහැනක පැටලී තිදරු පියා මරුට

(රංජිත් රාජපක්ෂ )

බගවන්තලාව කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරිමට ගිය තිදරු පියෙකු රක්ෂිතය හරහා ඇද තිබු අනවසර අධි බලැති විදුලි රැහැනක ගැටි එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසිය කියයි.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බගවන්තලාව වත්ත පහල කොටසේ පදිංචි සෙල්ලප්පන් සංකර් නැමති (46) හැවිරිදි තිදරු පියෙකි.

මරණකරු තවත් පිරිසක් සමග සංචරණ සිමා නිතියද උල්ලංඝනය කරමින් තම නිවසට පහලින් වු කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරිමට ඉදිරියෙන්ම ගමන් කල මරණකරු අනවසර විදුලි රැහැනේ ගැටි එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව සිදු කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වු බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

කෙසෙල්ගමුඔය රක්ෂිතයේ රාත්‍රි කාලයේ සැරිසරන වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් කෙසෙල්ගමුඔය රක්ෂිතය අසලින් ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියකින් අනවසරෙන් විදුලිය ලබාගෙන රක්ෂිතයේ විදුලි රැහන් ඇද තිබු බවට සැක කෙරෙන බව  පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

සතුන් දඩයම් කිරිම සදහා  කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසර විදුලි රැහන් ඇද ඇති පුද්ගලයන් සහ මරණකරු සමග අනවසර මැණික් ගැරිමට ගිය පිරිස අත්අඩංගුවට ගැනිමට විමර්ෂණයක් ආරම්භ කර ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

 



අදහස් (0)

විදුලි රැහැනක පැටලී තිදරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 714 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site