IMG-LOGO

විදුලි බිලේ විවාදය අද

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී අද(29) පැවැත්වේ.

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(29) උදේ 9:30 ට රැස්වීමට නියමිතය.

විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමග ජන බලවේගය පක්ෂය විසිනි.

විවාදය උදේ 9.30 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වීමට නියමිත බව කතානායක කාර්යාලය පවසයි.

විදුලි බිල සියයට සියයට 70 කින් වැඩි කිරීමට රජය දැනටමත් තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන ඇතුළු විවිධ පාර්ශව දැනටමත් රජයට විරෝධය පළ කර ඇත.

මේ අතර අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය හෙට (30) ,අනිද්දා(31) , ලබන 1 වෙනිදා සහ 2 වැනිදා පැවැත්වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය යෝජනා( අයවැය කතාව) ඉදිරිපත් කරනු ලබන්නේ හෙට(30) පෙරවරුවේය.

ජනාධිපතිවරයා අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව ඊට පසු දින(31) දක්වා කල් තැබෙනු ඇත. ඉදිරි මාස හතරේ රජය වියදම් සඳහා අයවැය විසර්ජන ( සංශෝධන)පනත් කෙටුම්පත අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

 



අදහස් (1)

විදුලි බිලේ විවාදය අද

Prase Monday, 29 August 2022 08:53 AM

ගුරුවරුන් සහ රජයේ සේවකයෝ පඩිවැඩිකරගත්තු නිසා අහිංසක මිනිස්සු පඩිගෙවනවා ඒ අයට පඩි දෙන්න . ආණ්ඩුවට සල්ලි ඕනෑ... ඕවට ගෙවන්න නැතිනම් ජනාධිපති, අගමැති ගෙදරින් ගෙනත් දෙන්නද? බොරු විවාද තියලා කාලෙ කන්නේ නැතිව රටට ප්‍රතිලාභ ගන්න පුළුවන් වැඩක් කතාකරා නම් හොඳයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site