IMG-LOGO

විදුලි බිල වැඩි කිරීම කළ යුතුම දෙයක්

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විදුලි බිල වැඩිවීම ජනතාවට අමාරු වුණත් මණ්ඩලයේ වියදම දෙස බැලූවිට මෙය කළ යුතුම දෙයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ විදුලි බිල  වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට සහ පෞද්ගලික බලාගාර සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 7600කට වැඩි මුදලක් ගෙවීමට ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 3100 ක් බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලි බිල වැඩි කළත් අඩු ආදායම්ලාභී අයට සහන සලසා ඇතැයිද ඔහු කීවේය.

විදුලිබල මණ්ඩලයට කළ හැකි සමහර කටයුතු  වෙනත් අංශවලට පසුගිය කාලයේදී පවරාදී තිබූ බව පැවසූ විජේසේකර මහතා  මණ්ඩලයේ මාෆියාවට විරුද්ධව කටයුතු කිරීමේදී තමා තනිවූ අවස්ථා තිබෙන බවද ප්‍රකාශ කළේය.

විදුලි බල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් බරපතළ  ප්‍රශ්න පවතින බවත් මෙම ආයතන සේවකයන්ට සියයට  25 ක වැටුප් වර්ධකයක් වාර්ෂිකව  ලබාදෙන්නේ සේවා ඇගයීමක්  කිරීමෙන් තොරව බවත් ඔහු පැවසුවේය.

මේවා නැවැත්විය යුතු බව කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

විදුලි බිල වැඩි කිරීම කළ යුතුම දෙයක්

සමිත අලුත්ගමගේ. Monday, 29 August 2022 12:14 PM

විදුලිය බල මණ්ඩලයේ නාස්තිකාර වියදම් නිසා සිදුවී ඇති ව්‍යසන සියල්ලට රටේ ජනතාවට බිල වැඩිකොට දඬුවම් නියම කිරීම වැදගත් දෙයක් වන්නේ නැහැ.ඒත්,සිදුවීමට නියමිත වී ඇත්තේ එයයි.මණ්ඩලේ වරදට මණ්ඩලේට දඬුවම් කොට හා ඊට අදාළ පියවර ගැනීමට තමයි ඒ අංශය සඳහා ඇමති කෙනෙකු පත්කොට තිබෙන්නේ.ඒත්, මේ ඇමති තුමා මණ්ඩලේ අය නැති නාස්ති කළ මුදල් උපයාගන්න හදන්නේ,රටේ ජනතාවගේ ලයිට් බිල වැඩි කරලා.මේවා හරියට කැකිල්ලේ නඩු තීන්දු වගෙයි.ලයිට් බිල වැඩි නොකොට මේ පවතින විදුලි ගාස්තු යටතේම විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යාමට හැකි සමාගමකට එය බදු දෙන්න.එසේ නැතිව,ලයිට් බිල වැඩිකොට පෞද්ගලික අංශයට බදුදීම,ඔවුන්ට විදුලි පාරිභෝගිකයා ගසා ගෙන කෑමට උදව් කිරීමක් ලෙසයි පෙනී යන්නේ.

:       1       21

Bamunuarachchi Monday, 29 August 2022 12:16 PM

විදුලි බිල වැඩි කරලා මනු කියවන්නට මනුව හරියට කියවනවාට දීමනා දෙන්න එපා, සේවකයින්ගේ උපයනවිට ගෙවන බදු අපෙන් අයකරන්න එපා මේවා ලෝක විහිළු.

:       3       13

sharm warn Monday, 29 August 2022 12:29 PM

තව නැද්ද මුකුත් වැඩි කරන්න ඉතුරු වෙලා?

:       0       18

Dharmatileke Monday, 29 August 2022 02:07 PM

කොටස් වශයෙන් විදුලි බිල්, වතුර බිල් ගෙවීම් වහාම නවත්වන්න. මෙම සීමාවන් සපයන්නේ බිල් ගෙවන විදිහට නෙවෙයිනේ..!

:       1       1

podimalli Monday, 29 August 2022 03:43 PM

පාරිභෝගිකයාට කපන්නේ නැතිව විදුලිය දීම සහ මැති ඇමැතින්ට වගේ බිල් නොගෙවපු පාරිභෝගිකයන්ගේත් විදුලිය නොකැපීම කළ යුතුමයි...

:       1       2

Viraj perera Monday, 29 August 2022 03:51 PM

උඹලා තමයි මේ ආයතන වලට අනවශ්‍ය විදියට මිනිස්සු දැම්මේ. ඒක නිසයි මේවා පාඩු ලබන ආයතන වුණේ. නැතුව මිනිස්සු නිසා නෙමෙයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site