IMG-LOGO

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව සජබ පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක

(නිමල කොඩිතුවක්කු)

විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් අද(29) පාර්ලිමේන්තුව ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක නිරතවිය.

දූෂණය නවතනු විදුලි බිල අඩු කරනු - විදුලි බිල අහසට මුළු රටම අඳුරට තේමාවෙන් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවැත්විණ.

මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිල, මනෝ ගනේෂන්, නලීන් බණ්ඩාර, දිලීප් වෙදආරච්චි, මුජුබර් රහුමාන්,  චමින්ද විජේසිරි, හෙක්ටර්  අප්පුහාමි යන  මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

විදුලි බිල වැඩි කොට ජනතාව කබලෙන් ලිපට දමන අතර සර්වපාක්ෂික ආණ්ඩු බිහි කරන්නට ආරාධනා කරන්නේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩිය  හරහා හිමිවන ඩොලර් බෙදාගැනීමට දැයි විපක්ෂ නායකවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.

ජනතාව මෙතරම් පීඩාවට පත්ව සිටියදීත්,මෙවැනි මගඩි වලින් තව දුරටත් මෙරට ප්‍රපාතයට ඇද වැට්ටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා කීවේය.

උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයට හෝ උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍ය වලට මේවා නොපෙනෙන බවත් එම අවස්ථාවට එක් වෙමින්  විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (5)

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව සජබ පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක

මහසෙන් Monday, 29 August 2022 01:25 PM

මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි දවස ගානේ මොකක් හරි උස්සගෙන වොයිස් කට් එකක් දුන්නා දවස ගෙවා ගත්තා.ආන්ඩුවට හරිමයන විපක්ෂ ය.ආන්ඩුව ගහන්නෙත් එදා වේල ටුවර් නිසා අවුලක්.නෑ.

:       3       13

sisilMonday, 29 August 2022 05:36 PM

සජිත්, රජය විදුලිබිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සංධානයේ ඔබ ඇතුළු කණ්ඩායම රජයට චෝදනා කිරීමෙන් නොව ඔබලා පැමිණියහොත් විසඳුම් ලබාදෙනු ලබන්නේ කෙසේද කියා කියන්න. විසඳුම් නොමැතිව චෝදනා කරමින් රටපුරා වේදිකාවේ සටන් පාඨ කීවද ජනතා ප්‍රශ්න සඳහා විසඳුම් ලැබෙනුයේ නැත.! 

:       0       2

podimalli Monday, 29 August 2022 02:15 PM

මේ විහිළු ජනතාවට එපාවෙලා... මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ. විදුලි, ජල බිල්පත්, ගෙවල්කුලී කෝටි ගණන් ගෙවලා නෑ... මැති ඇමැතිවරු ඒවට විරුද්ධවත් පාර්ලිමේන්තුව ඉස්සරහ පිකටින් කරන්න.

:       1       4

fairoosMonday, 29 August 2022 05:56 PM

රාජපක්ෂ සාපය.. තවම ඉවර නැත...

:       2       1

වයසට ගිය සමඟි VOLT-AGE බලය Monday, 29 August 2022 02:25 PM

උද්ධ මානයෙන් "උද්ධමනය" ගැන බලන අපේ විපක්‍ෂතුමන්ලානෙනි. සජිත් මහත්තයා එංගලන්තයේ ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තු කෙනෙක්..! එතුමාගෙන් අහලා බලන්න පිරිවැය හදන හැටි.! තිස්ස අත්තනායකගේ දෝණි ඉන්නේ පිටරටක නේද..? අහලා බලන්න කියන්න දෝණිගෙන් ඒ ඉන්න රටේ විදුලිි බිලත් 75%කින් ඉහළ ගියා නේද කියලා..! අපේ වයසට ගිය සමඟි වෝල්ට්-ඒජ් බලය..!!

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site