IMG-LOGO

වතු බංගලාවේ බලෙන් සිටි රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් දොට්ට

(රංජිත් රාජපක්ෂ)

අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි බව කියන හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුයායේ පිහිටි නිල නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් සියලු භාන්ඩ සමඟම අදාළ නිවස නුවරඑලිය දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරිය විසින් වතු අධිකාරිවරයාට අද බාර දෙන ලදී.

එම නිවස යළි වතු අධිකාරිවරයාට බාර දෙන ලෙස නුවරඑලිය දිසා විනිසුරුවරියගේ නියෝගයකට අනුව අධිකරණ රෙජිස්ටාර්වරිය ඇතුළු පිසිකල් නිලධාරින් ලිදුල පොලිසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවසට පැමිණ එහි තිබු අරවින්ද කුමාර් මහතාට අයත් සියලු භාන්ඩ ලේඛණගත කිරීමෙන් අනතුරුව වතු අධිකාරිවරයාට එලෙස බාර දෙන ලදී.

අරවින්ද කුමාර් මහතා 1987 වසරේ ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කර ඇති අතර එම කාලයේ වතු පාලන අධිකාරිය, නිල නිවස වශයෙන් භාවිතා කිරිමට මෙම නිවස අරවින්ද කුමාර් මහාතට ලබා දි තිබුණත් අරවින්ද කුමාර් මහතා වතුයායේ රැකියාවෙන් ඉවත් විමෙන් පසු අදාළ නිල නිවස ආපසු වතු අධිකාරියට භාර නොදි එම නිවස අලුත්වැඩියා කර එහි රැදි සිටිමට එරෙහිව වතු පාලනඅධිකාරිය ඔහුට එරෙහිව නුවරඑලිය දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දිර්ඝ කාලයක් පුරා නඩුව විභාග කළ නුවරඑලිය දිසාවිනිසුරුවරයා එම නිල නිවසෙන් ඉවත් වන ලෙස නියම කරමින් අරවින්ද කුමාර් මහතාට එරෙහිව තීන්දුවක ප්‍රකාශයට පත් කළ අතර නුවරඑලිය දිසාවිනිසුරුවරයා එම තීන්දුවට එරෙහිව අරවින්ද කුමාර් මහතා අභියාචනාධිකරණයටද ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කළත් එම අභියාචනා දෙකම ප්‍රතික්‍ෂෙප කෙරුණු අතර නුවරඑලිය දිසාවිනිසුරුවරයා එම තීන්දුවට අනුව කටයුතු කරන ලෙස ඉහළ අධිකරණයන් විසින් නියම කරන ලදී.

ඒ අනුව නුවරඑලිය දිසා විනිසුරු්වරියගේ නියෝගය මත ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුයායේ පිහිටි නිල නිවසට ලිදුල පොලිසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ පැමිණි අධිකරණ රෙජිස්ටාර්වරිය ඇතුළු පිසිකල් නිලධාරින් නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් සියලු භාන්ඩ ලේඛණගත කිරීමෙන් අනතුරුව වතු අධිකාරිවරයාට බාර දුන්නේය.

 



අදහස් (4)

වතු බංගලාවේ බලෙන් සිටි රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් දොට්ට

chandima Friday, 06 September 2024 01:18 AM

අනේ ඉතින් ඉස්සරහට හිටපු ජනාධිපතිලාවත් ඔය විදියට එළියට ඇදලා දායි නේද?

:       6       51

gamageFriday, 06 September 2024 04:05 PM

ඇයි චමින්ද මහත්තයෝ දුකද ?අපේ සල්ලිවලින් ඒගොල්ලන්ව නඩත්තු කිරීමට බැරිවීම ගැන . පව් නේ ඉතින් එකක් ඒගොල්ලෝ අපිට ලොකු සේවයක් කරපු අයනේ .ඒගොල්ලෝ ඔක්කොම ඔයාලා අපිට වඩා දුප්පත් අය නිසා වෙන්න ඇති දුක

:       1       7

සොරිසේන Friday, 06 September 2024 07:02 AM

හම්මෝ!! 1987 දාපු බලෙන් පදිංචියට එරෙහි නඩුවක් ඉවර උනේ 2024 දී ද? අම්මටසිරි ලංකාවට අබ සරණයි.

:       1       89

6.9: මිලියනයක ජනතාව Friday, 06 September 2024 08:02 AM

නඩ වලට යන කාලය නිසා මෙරට ජනතාවගේ වියරුව සාධාරණය

:       0       79

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 362 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 527 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site