IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වැඩි මිලට ඩොලර් ගත් සමාගමේ බලපත්‍රය අත්හිටුවයි

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා මහ බැංකව ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම වෙත නිකුත් කර තිබූ මුදල් හමුමරු කිරීමේ බලපත්‍රය අද අත්හිටුවනු ලැබීය.

කොළඹ, වැල්ලවත්තේ පිහිටි එම ආයතනය මහබැංකුවේ අනුමත මිල ගණන්වලට වඩා වැඩි මුදලක් ගෙවා ඇමෙරිකානු ඩොලර් මිලදී ගන්නා බවට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව මහ බැංකුව විමර්ශනයක් සිදුකර බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබේ. 

ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම ඇමෙරිකා ඩොලරයකට රුපියල් 350ත් 375ත් අතර මුදලක් ගෙවන බවට ඉකුත් දිනවල ජනතාව අතර තොරතුරු පැතිර ගොස් තිබිණි.

බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත ගනුදෙනුකරුවන්ට  ලබාදීම නිසා එම සමාගමේ බලපත්‍රය තාවකාලිකව අත්හටු වූ බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළේය.



අදහස් (1)

වැඩි මිලට ඩොලර් ගත් සමාගමේ බලපත්‍රය අත්හිටුවයි

Lalith M Thursday, 31 March 2022 04:17 PM

ඒ කියන්නේ නියම විනිමය අනුපාතය රෑ.375/= කියන එක නේද. ඉතින් කවුද බැංකුව කියන විදියට ඩොලර් එවන්නේ. හොරු ගියදාක එවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site