IMG-LOGO

වැඩිහිටි දීමනාව - සමෘද්ධි සහන මල්ල ගන්න පැමිණි පිරිසක් හිස් අතින් හැරී යති

(රංජිත් රාජපක්ෂ)                       

රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දීමනාව සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යංශයෙන් ලබාදෙන සහන මල්ල ලබා ගැනීමට අද (01) පැමිණි විශාල පිරිසක් පැය 8 ක කාලයක් බගවන්තලාව ග්‍රාමසේවා කාර්යාලය ඉදිරිපිට රැඳීසිට ආපසු හිස් අතින් පිටව ගොස් තිබේ.

වැඩිහිටි දිමනාව අද දිනයේ බගවන්තලාව තෙරේසියා වත්ත ග්‍රාමසේවා කාර්යාලයේදී ලබාදෙන බව පවසා ඇති බවත් උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා ග්‍රාමසේවා කාර්යාල ඉදිරිපිට රැඳී සිටියත් එම මුදල ලබාදීමට ග්‍රාමසේවකවරයා නොපැමිණි බවත් වැඩිහිටි දිමනාව ලබා ගැනීමට පැමිණි පිරිස පැවසූහ.

නොර්වුඩ් සමෘද්ධි කාර්යයාලය මගින් තමන්ට වියළි සලාක මල්ලක් සහ මුදල් ලබාදෙන බවට පොරොන්දු වූවත් එම  නිලධාරීන්ද අද දින තම වසමට නොපැමිණි බව බගවන්තලාව තෙරේසියා වත්ත වසමේ සමෘද්ධි ලාභීහු චෝදනා කළහ.

වැඩිහිටියන් සහ සමෘද්ධි ලාභීන් විශාල පිරිසක් එක් රැස් වී සිටිම නිසා එම ස්ථානයට පැමිණි බගවන්තලාව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම පිරිසට එම ස්ථානයෙන් විසිර යන ලෙස කළ ඉල්ලිමක් මත පිරිස ආපසු නිවෙස් කරා පිටවගියහ.

 

 



අදහස් (4)

වැඩිහිටි දීමනාව - සමෘද්ධි සහන මල්ල ගන්න පැමිණි පිරිසක් හිස් අතින් හැරී යති

kamal Wednesday, 01 April 2020 11:12 AM

වතුකරයේ සිටින අහිංසක ජනතාව තමන්ට වැඩිපුර හෝ වෙනමම සලකන්න කියල කවදාකවත් කියන්නේ නෑ . ඒ මිනිස්සු ගැන ඒ දේශපාලන නියෝජිතයෝ හොයන්නෙත් නෑ . එදාවේල හොයාගන්න දුක්විඳලා දුක්විඳලා ඔය මිනිස්සු අන්තිමට මැරිලා යනවා. අන්තිම කාලෙත් කරන්නේ එදාවේල හොයාගන්න එක. ග්‍රාමසේවක මහත්තයටත් සාදාරණ හේතු ඇති. හැබැයි මොනවා හරි කරලා අර අහිංසක මිනිස්සුන්ට ලබාදෙන්න පුළුවන් උපරිමය කරනවා නම් හොඳයි. අපි පරිගණකය ඉස්සරහ ඉඳන් මේවා කිව්වට ප්‍රාදේශීය දේශපාලකයන් සැඟවී සිටිනවිට ජීවිත අවධානම අරන් ග්‍රාමසේවක මහත්වරු , පොලිසියේ මහත්වරු , මහජන ‌සෞඛ්‍යය පරීක්ෂක මහත්වරුන්ට කරන රාජකාරිය වෙනුවෙන් වෙන වෙන සම්මාන සහ ගරුබුහුමන් කලයුතු වෙනවා.

:       0       14

Chathuri Wednesday, 01 April 2020 11:36 AM

පන්සල් වලින්, ආයතන වලින් මුදලින් ආදාර කරනවා දුප්පත් ජනතාවට. 225 මඩේ එරිලද මේවා පෙන්නේ නැත්ද ජනතාව කන්න නැතිව දුක් විදිනවා කට්ටියම වටවෙලා මිලියන ගණනින් හොර කාවේ ජනතාවගේ මුදල්. කෝ රජ්ජුරුවෝ සොහොන් හැදුව මිලියන හතරකින් මේවා ජනතා මුදල්. දැන් ජනතාවට. කන්න. බොන්න නැහැ බෙහෙත් නැහැ දැක්කේ නෑ වගේ ඉන්නවා රණවිරුවන් ඉන්න නිසා අද ජනතාව ජිවත් වෙන්නේ. පිංගුත්තර නඩේ. මැරෙන්න බයේ හැංගිලා මුන් ටික පෝලිමට එන්නේ නැත්තේ ගෙදරටම කෑම බඩු එන නිසානේ.... නුඹලා එකෙක් හරි මැරෙන්න ඕන මේ ලෙඩෙන් ජනතාවට දුන්න ගින්දරවලට...

:       0       187

ගමේ එකාලා Wednesday, 01 April 2020 01:03 PM

දේසපාලුවන්ගේ ඔක්කොම කෙරුවාවල් කටින්. මුන්ට චන්දෙ ගන්න විතරයි... ජනතාව මතක් වෙන්නේ.... ජනතාව ගසාකාපු ලේ මාපිල්ලු.

:       0       2

dias Wednesday, 01 April 2020 04:49 PM

අහිංසක මිනිස්සුන් රවටන රජය ගෙදර යවන්න ඔනෑ... මොවුන්ට කිසිම වැඩ පිළිවෙලක් නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 452 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site