(අංජුල මහික වීරරත්න)
කෘෂිකාර්මික කටයුතු වලදී වගාවට වන සතුන්ගෙන් සිදුවන හානිය සහ එම හානිය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගත හැකි ආකාරය පිළිබඳව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇමරිකා තානාපතිනිය සමඟ සාකච්ඡා පැවැත්වීය.
ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිය ජූලි චන්ග් මහත්මිය සහ කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර විශේෂ හමුවක් අද (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ.
මෙහිදී කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සහ දේශීය ගොවියාගේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා අවශ්‍ය ඇමරිකානු සහාය ලබා ගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.
අමාත්‍යවරයා මෙහිදී දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය විදේශ වෙළඳපොළ සොයාගැනීම, දේශීය ගොවි සමාගම් සංකල්පය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම මෙන්ම වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළේය.
එසේම දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට හා දේශීය ගොවි සමාගම් සඳහා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහාය ලබා ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ පොල් කිරි හා පොල් ආශ්‍රිත නිෂ්පාදන නවීකරණයට අවශ්‍ය සහාය ලබා දීමට මෙහිදී ඇමරිකා තානාපතිනිය එකඟතාව පළ කළාය.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලාල්කාන්ත - ජුලී එක්ක ’’රිලව්’’ගැන කතා කරයි
Dharmasena Wednesday, 18 December 2024 03:24 PM
රිලව් මර්දනයට ඇමැරිකාවේ සහය මොකටද බං. ඉස්සර වගේ ගොවියන්ට තුවක්කු බලපත් නිකුත් කරා නම් ඉවරයි. එහෙම නැත්නම් ග්‍රාම ආරක්ෂක පස් දෙනෙක් ටික කාලයකට ගමකට වෙන් කරන්න ඒ කාර්යය වෙනුවෙන්.
Vinod Wednesday, 18 December 2024 03:24 PM
දැන් සියලු ප්‍රශ්න විසඳන්නේ ජුලි චැන්, ඒ දවස්වල මෙයාව පේන්න බැරිව නේද හිටියේ?
සත්පියල් පෙරෙරා Wednesday, 18 December 2024 05:46 PM
ජුලී එන්නේ රිලව් ගැන දැනගන්න නෙමේ… බුද්ධාගම තවත් හලන හැටි කියලා දෙන්න ජෙප්පන්ට… මේවා ඩයස්පෝරා අයගේ ඉල්ලීම් ජෙප්පෝ වැඩ කරන්නේ පල්ලියටයි, ඩයස්පෝරා අයටයි… මව්බිම නැතිනම් මරණය කියපු...
chandima Wednesday, 18 December 2024 09:06 PM
උපදෙස් මොකටද? ඇමෙරිකාවේ වගාවට හානිකරන බයිසන් ගවයින් වෙඩි තියලාම තමයි ඉවර කලේ. මුවන් බෝවෙලා වගා හානි කරන තත්වෙට පත් වුණාම කොනක ඉඳන් වෙඩිතියලා මරන්න අවසර දෙනවා. ඒ වැඩේ පටන්ගත්තා නම් ඉවරයිනේ...!
Don Thursday, 19 December 2024 12:56 AM
ඇමෙරිකාවේ එක රිළවෙක්වත් නැහැ. නමුත් සහාය ගන්නේ ඇමෙරිකාවෙන්...
රුවන් Thursday, 19 December 2024 07:25 AM
මේකේ කමෙන්ට් දාලා තියෙන ඈයෝ බහුතරයක් මෝඩ මිනිස්සු. ලංකාවේ ඉන්න රිලව් ඒකදේශික සතුන් ලංකාවට මිනිස්සු එන්න අවුරුදු මිලියන ගාණකට කලින් ලංකාවේ හිටියේ, වෙන කිසිම රටක අපේ රිලව් නෑ. තාමත් රතු දත්ත පොතට අනුව අන්තරාවට ලක්වූ සතුන්, ජාත්‍යන්තර නීතියට අනුව එහෙම සතුන් කිසිම රටකට මරන්න බෑ වගේම ඒකදේශික සතුන් අපනයනය කරන්න තහනම්. අනිත් එක ජුලී චෑන් කොරියානු බෞද්ධ. ලංකාවේ හිටිය ගවරාට වගේම කුරු අලින්ට වුනේත් ඕකම තමයි, ඉංග්‍රීසි ආණ්ඩුව ලංකාවේ අලි, ගවරන් වැඩි කියලා ඔක්කෝම මරලා දැම්මා. දැන් කෝ ඒ සත්තු? ඉස්සර ලංකාවේ සිංහලයෝ හිටියලු නේද? කෝ දැන්? මේකට කරන්න පුළුවන් හොඳම දේ රිලව් ජනගහනය පාලනයට වඳ සැත්කම් කරන එකයි, ජපානයේ වගේ වෙනම රක්ෂිතයක් හදලා දෙන එකයි. ලංකාවේ මිනිස්සු මුළු භූමියෙන් 92% පාවිච්චි කරද්දී සතා සිව්පාවාට තියෙන්නේ 8% එකත් බදුර්දීන් වගේ අය කපන් යනවා.