IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලොරිය පෙරැළී අයෙක් මරුට:තුනක් රෝහලට

(ශාන්ත චන්ද්‍රසිරි)

කොට පැටවීම සඳහා  භාවිතා කරනු ලබන ලොරි රථයක් (බුම් යන්ත්‍රයක්) නානුඔය, රදැල්ල, වංගිඔය වත්තේ පහළ කොටසේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක පමණ ප්‍රපාතයකට අද  (23) පෙරළීයාමෙන් එහි ගමන් ගත් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයන් තුන්  දෙනෙකු තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි. 

තුවාල ලැබුවන්ගෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවත්, තුවාල ලැබුවන් සියල්ලම  ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුලත් කොට ඇතැයි පොලීසිය සඳහන් කරයි.

වතුයායේ කපන ලද ගස් තොගයක් ලොරි රථවලට පැටවීමට භාවිතා කිරීම  සඳහා මෙම  රථය රැගෙන යමින් සිටියදී වතු මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති බව පොලීසිය  සිදු කරන ලද මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ති‌‌බේ. 

නානුඔය පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර  පරීක්ෂණ සිදු කරනු ලබයි. 



අදහස් (0)

ලොරිය පෙරැළී අයෙක් මරුට:තුනක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 181 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 388 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 165 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site