(මනෝප‍්‍රිය ගුණසේකර)
අපගේ කණගාටුව ‘ලටෙක්’ හිටපු සභාපති රවී වෙත්තසිංහ මහතාට එරෙහිව පවරා තිබු නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් ‘ලංකාදීප වෙබ් අඩවිය‘ පළ කරන ලද ප්‍රවෘත්තියෙහි කලින් තිබූ ශිර්ෂ පාඨය පළ වුයේ ප්‍රමාද දෝෂයකිනි. ඒ සම්බන්ධයෙන් රවී වෙත්තසිංහ මහතාට අපගේ කණගාටුව පළ කර සිටිමු. එම ශිර්ෂ පාඨය ‘ලටෙක්’ හිටපු සභාපති නිදොස් කොට නිදහස්‘ ලෙස නිවැරදි ශීර්ෂ පාඨයකින් යුතුව පළකර තිබේ. |
ඉඩමක් ලබාදෙන බව පවසමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන වංචා කළ බවට ‘ලටෙක්’ හිටපු සභාපති රවී වෙත්තසිංහ මහතාට එරෙහිව පවරා තිබු නඩුවකින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහු නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකාර රවී වෙත්තසිංහ මහතාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිය වෙනුවෙන් සාක්කි කැඳවීමකින් තොරවම ඔහු නිදොස් කර නිදහස් කළේය.
2005 සැප්තැම්බර් මස 17 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නාවලදී ඉඩමක් ලබාදෙන බවට පොරොන්දු වී ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන වංචා කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී විත්තිකරු සහ පැමිණිලිකරු අතර ඇතිවු ගිවිසුම අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර එම ගිවිසුමේ ඇති අත්සන විත්තිකරුගේ නොවන බව සාක්කිකරුවකු විසින් අධිකරණයේදී හෙළි කළේය.
ඒ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවනු ලැබු රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් ගිවිසුමේ ඇති අත්සන විත්තිකරුගේම දැයි හෙළි කරගැනීම සඳහා රජයේ රස පරීක්‍ෂවරයාගේ වාර්තාව කැඳවීමට අවසර ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබීණි.
ඒ අනුව නඩු විභාගය අවස්ථාවේදී අදාළ ගිවිසුමේ ඇති අත්සන විත්තිකරුගේමදැයි හෙළි කර ගැනීම සඳහා රජයේ රස පරීක්‍ෂවරයාගේ වාර්තාව කැඳවනු ලැබු අතර ගිවිසුමේ ඇති අත්සන විත්තිකරුගේ අත්සන සමඟ නොසැසදෙන බවට රජයේ රස පරීක්‍ෂවරයා සිය වාර්තාව මඟින් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
විත්තිකරුට වෙනුවෙන් නීතීඥ සඳමල් රාජපක්‍ෂ සහ කැලූම් කුමාරසිංහ යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතීඥ උපුල් ජයසුරිය මහතා පෙනී සිටියේය.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘ලටෙක්’ හිටපු සභාපති නිදොස් කොට නිදහස්
ජයන්ත මිලානෝ Tuesday, 29 January 2019 12:08 PM
රටේ නීතිය උගත් රදල පැලන්තිය හදාගෙන තියෙන්නේ ඒ අයට පහසු විදිහට එලියට යන්න පුලුවන් විදිහට. සල්ලි තියෙනවා නම් කුඩු විකුණලා මිනී මරලා මහා පරිමාණ හොරකම් කරලා බේරෙන්න ඉතාමත් පහසුවෙන්ම පුලුවන්. නීතිවේදීන්ට ගෙවන්න විතරයි ඕනෙ. මේ ටිකට පලවූ ප්‍රවෘත්තිම ඇතිනෙ උදාහරණ විදිහට .
sandy123 Tuesday, 29 January 2019 12:53 PM
ඔක්කොම එළියේ. අපිවත් ඇතුලට යමුද? අඩුම ගානේ බදු නොගෙවා තුන් වේල කන්නවත් පුළුවන්. අනේ මෙහෙමත් රටක්? හොරකම්, දුෂණයෙන් තොර එකම රට අපේද?
sandy123 Wednesday, 30 January 2019 04:16 AM
අපේ රටේ වෙන්නේ හොරකම් නොවෙයි. මුදල් වාෂ්ප වෙන එක. එකනේ මුදල් නැති වුනත් වැරදිකරුවෙක් නැත්තේ. ඒ තියරිය හොයා ගත්ත කෙනාට සම්මානයක් දෙන්න වටිනවා.
KANDEPOLA Wednesday, 30 January 2019 10:09 AM
ගිවිසුමකට හොර අත්සනක් යෙදූ පමණින් කෝටිගාණක වංචාවකින් වුණත් ලේසියෙන් නිදහස් වෙන්න පුළුවන්...