(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලකා සිං මහත්මිය අද (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නැංවීම උදෙසා අවශ්‍ය කරන සහයෝගය පෙරටත් වඩා ශක්තිමත් ලෙස ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා එහිදී ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.
විශේෂයෙන්ම මෙරට තුළ පවත්නා ඖෂධ හිඟය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වූ අතර, ඒ තත්ත්වයට කඩිනම් විසඳුම් අවශ්‍ය බවට එම සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ලැබීය.
සමගි ජන බලවේගයෙන් ක්‍රියාත්මක "විපක්ෂයේ හුස්මක්" හරහා රෝහල් 50ක් ඉක්මවා සිදුකොට ඇති උපකරණ පරිත්‍යාගය පිලිබදව එහිදී විපක්ෂ නායකවරයා විසින් දීර්ඝ වශයෙන් පැහැදිලි කරනු ලැබීය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිතවරියගේ ප්‍රසංසාව හිමිවූ බවත් විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත විපක්ෂ නායක හමුවෙයි
චන්දන Monday, 23 May 2022 04:36 PM
ප්ලැකනිල් ඉල්ලුුවද?