IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලෝක බැංකුවෙන් අපට දුන් සහතිකය

(විමුක්ති එස් රුද්‍රිගු)

වේදනාකාරී ආර්ථික අර්බුදයකට පසුව බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරත්වය කරා ගමන් කර ඇතත් තවමත් මෙරට ආර්ථිකයට ඇති අවදානම පහව ගොස් නැතැයි ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සර්ගේසියන් මහතා ඊයේ (10) ලෝක බැංකුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එම අවදානමෙන් ගොඩ ආ හැක්කේ කැපවීමෙන් ක්‍රියා කිරීමෙන් පමණක් බවත් නව රජය ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් එම අවදානමෙන් ගොඩ එමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බවත් ඔහු පැවැසුවේය.

දළ වශයෙන් රැකියා 142,500 ක් උත්පාදනය කළහැකි වාර්ෂිකව ඩොලර් බිලියන 10 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අපනයන හැකියාවක් ශ්‍රී ලංකාව සතු බවද සර්ගේසියන් මහතා ප්‍රකාශ කළේය.නමුත් ඒ සඳහා ශ්‍රී ලංකාව අතගසා නොමැති බවත් එම අදායම මෙරටට ලබා ගැනීමට නම් ගතයුතු ක්‍රියාමාර්ග කීපයක් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

එම ක්‍රියාමාර්ග පහසු ඒවා නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.

ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම නිකුත් කිරීම සඳහා සහ ඊයේ(10) ලෝක බැංකුවේදී මෙම මාධ්‍ය හමුව පැවැත්වූ අතර එහිදී ගෙවෝර්ග් සර්ගේසියන් මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී අදහස් දක්වමින් ආර්ථික විද්‍යාඥ ශෘතී ලක්ටකියා ප්‍රකාශ කර සිටියේ 2024 දී ආර්ථික වර්ධනය සියයට 4.4 දක්වා ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බවත් එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත්ය. කර්මාන්ත සහ සංචාරක අංච මගින් දැක්වූ දායකත්වය මුල් කරගත් කාර්තු හතරක් පුරා සිදුව ඇති ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනය මෙන්ම, තීරණාත්මක ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ මත මෙම ධනාත්මක ඉදිරි දැක්ම ගොඩ නැගී ඇති බවද ඇය පැවැසුවාය.

එහිදී අදහස් දක්මින් ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ෆ්‍රැන්සිස්කා ඔන්සොර්ජ් මහත්මිය ප්‍රකාශ කර සිටියේ දකුණු ආසියාවේ ශ්‍රම බළකායට කාන්තාවන්ගේ සහභාගීත්වය ප්‍රතිශතයක් ලෙස සියයට 32 ක් බවත් පිරිමින්ගේ ශ්‍රම බළකා සහභාගීත්වය ප්‍රතිශතයක් ලෙස සියයට 77 ක් බවත්ය. කාන්තාවන් ශ්‍රම බළකායට දක්වන සහභාගීත්වය සියයට 77ක මට්ටමකට ගෙන ආ හැකි නම් කලාපයේ දළ දේශීය නිෂ්පාදිතය සැලකිය යුතු මට්ටමින් ඉහළ දමාගත හැකි බවත් මේ වනවිට ඉන්දියාවේ ආර්ථිකය ශක්තිමත්වීමත් සමග වේගවත්ව වර්ධනය වන කලාපය බවට දකුණු ආසියාව පත්ව තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.

 



අදහස් (2)

ලෝක බැංකුවෙන් අපට දුන් සහතිකය

Bandara Thursday, 10 October 2024 10:12 PM

රනිල් මොනවද කරේ කියල අහන උන්ට.....

:       1       0

Channa Friday, 11 October 2024 11:00 AM

හිටපු ජනාධිපතිතුමනි ඔබට ප්‍රණාමය මේ එක්නේ ඔබගේ කැපවීම තමයි. ජනතාව තේරුම් නොගත් අධිෂ්ඨානාත්මක මඟ පෙන්වීම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site