IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලෝක ආහාර සංවිධානයෙන් අගමැතිට සහතිකයක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයක් ඇතිවුවහොත් එයින් ගොඩ ඒම සඳහා උදව් කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය (UN FAO) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහතික වී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සංවිධානය සමඟ කළ සාකච්ඡාවකින් පසු එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය දැනුම් දී ඇත්තේ ඉදිරියේදී ඇති වන ආහාර අර්බුදයට මුහුණ දීමට ජාත්‍යන්තර සහය ලබා ගැනීම සඳහා උපකාර කිරීමට කටයුතු කරන බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසූයේ රටේ ජනතාවට තුන්වේල කන්නට හැකි පරිසරයක් ඇති කිරීම සඳහා තමා ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.

 



අදහස් (3)

ලෝක ආහාර සංවිධානයෙන් අගමැතිට සහතිකයක්

කිරපුතා Sunday, 22 May 2022 04:11 PM

හැකි හැම බිම් අඟළක්ම අවශ්‍ය දෑ වගා කිරීමට මහ ජනයා උනන්දු කරවීම සම අවශ්‍ය දෑ සැපයීම කළ යුතුය. ලෝකය පුරා සිඟා කෑමට වඩා අපිම වවන් කෑම ගෞරවාන්විත ය.

:       0       0

Bandara Sunday, 22 May 2022 09:02 PM

රනිල් පත්වෙලා දවස් කීයද? ජාත්‍යන්තර සංවිධාන ගණනාවකට කතාකරලා යම් උත්සාහයක් ගනිමින් ඉන්නවා. රාජපක්ෂලා උඩබලාගෙන හිටියා විතරයි...!

:       0       1

Hafeel Monday, 23 May 2022 08:26 AM

මේක අගමැති රනිල්නේ කියන්නේ. නමුත් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කළොත් පමණයි විශ්වාස කළහැකි. මොකද්ද අගමැති වුණු දා ඉඳන් කියනවා මිස ප්‍රායෝගික මොකුත් පේන්න නම් නැහැ. අපි දන්නවා රනිල්ගේ ඉතිහාසය, හොරු අල්ලපු හැටි, වොක්ස්වැගන් කාර්, කර්මාන්ත ශාලා, ඕවා හොඳ උදාහරණ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 207 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 402 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site