(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් බොරලැස්ගමුවේ පෞද්ගලික බැංකුවක් අසළදී රුපියල් විසිහය ලක්ෂයක මුදලක් කොල්ල කෑ බවට ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ල ව්‍යාජයක් බවත්, පැය දෙකක් තුළදී අද(10) ඔහුගේ සඟයකු සතුව තිබියදී මුදල සොයාගත් බවත් බොරලැස්ගමුව පොලිසිය කියයි.
මෙය සැලසුම් කරන ලද කොල්ලකෑමක් බව විමර්ශනවලදී හෙළි වූ බවද පොලිසිය කියයි.
මෙම පැමිණිල්ල කරන ලද්දේ බොරලැස්ගමුව ගංගාරාම පාරේ ඉඩකඩම් විකිණීමේ නිරත ව්‍යාපාරිකයකු විසිනි.
එංගලන්තයේ පදිංචි බිරිඳගේ ඥාතියකු විසින් බම්බලපිටිය හිතවතකු මාර්ගයෙන් එවන ලද රුපියල් ලක්ෂ 26ක මුදලක් සිය දියණිය සමග බම්බලපිටියට ගොස් ඉල්ලාගෙන බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක ඇති දියණියගේ ගිනුමේ තැන්පත් කිරීමට රැගෙන ආ බවත්, එම අවස්ථාවේදී ලිපිනයක් අසන මුවාවෙන් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මුදල කොල්ල කා පලා ගිය බවත්, මෙම ව්‍යාපාරිකයා අද(10) පැමිණිලි කළ බවත්, මෙම සැකකටයුතු පැමිණිල්ලක් ලෙස මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් පොලිසිය කියයි.
පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වා මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත දල්පදාදු මහතා එම පෞද්ගලික බැංකුවක අසළට ගොස්, සී.සී.ටී.වී. කැමරාද පරීක්ෂා කරමින් විමර්ශනය කළ බව පොලිසිය කියයි.
කැමරා දර්ශනවල ව්‍යාපාරිකයාගේ මෝටර් රථය බැංකුව ආසන්නයේ නවතා තිබෙන අයුරු සහ ඔහු අත දරා සිටි කුඩා පාර්සලයක් යතුරු පැදියකින් පැමිණෙන පුද්ගලයකුට ස්ව කැමැත්තෙන්ම ලබාදෙන අයුරු සටහන්ව තිබිණි.
ඒ අනුව පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසිය නොමග යැවීම සඳහා මෙම සැලසුම කළ බවට අනාවරණය කරගත් බව පොලිසිය කියයි.
ව්‍යාපාරිකයා අධිකව ණය ලබාගෙන ඇති අතර එයින් ගැළවීමට ක්‍රමයක් සොයමින් සිට ඇති බවත්, සිය දියණියට විදේශ ගතවීමට එංගලන්තයේ පදිංචි ඥාතියා බැංකුවේ තැන්පත් කිරීම සඳහා මුදල් එවා ඇති බවත්, ඒ මුදල හොරෙන් තමන්ටම සතු කරගැනීමේ අරමුණින් පවුලේ කිසිවකුට හෝ නොකියා එම මුදල ලබාගැනීම සඳහා මගදී මුදල කොල්ල කෑ බවට අඟවා බොරලැස්ගමුවේ වූ මිතුරා මාර්ගයෙන් රගපෑමක් කර පැමිණිලි කර තිබූ බවත් අනාවරණය වී ඇත.
ව්‍යාපාරිකයා පොලිසිය නොමග යැවීමට කළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය කියයි.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඡන්දය ප්
රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොලේජ් හවුස් හිදි සිය ඡන්දය ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය 2025 සඳහා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර එනම් පස්වරු 4.00 ට අවසන් විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ ඡන්දය ප්‍රකාශ කළේය .
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඇතුළු රටවල් කීපයකින් බ්‍රිතාන්‍යයට ලැබෙන අධ්‍යාපන වීසා බලපත්‍ර අයැදුම්පත් සළකා බැලීම සීමා කිරීමට සැලසුම්කර තිබෙන බව එරට ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලක්ෂ 26 කොල්ලය බොරුවක්
නදුන් Thursday, 10 October 2019 01:18 PM
තිර පිටපත පමණක් නොව ප්‍රධාන රංග ශිල්පියා මෙන්ම සහය නලුවන්ද මුලුමණින්ම අසාර්ථක වූ චිත්‍රපටියක්...
Samithasena Aluthgamage. Thursday, 10 October 2019 01:31 PM
පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුලු වැටලීම කළ සියලුම දෙනාට අපගේත් රටේත් ප්‍රණාමය.මේ ව්‍යාපාරිකයාට කිසිදු සමාවක් නොදිය යුතුයි.
Perera Thursday, 10 October 2019 05:17 PM
අහු නොවෙන්න මුදල් හොරකම් කරන්න රාජපක්සලගෙන් උපදෙසක් ගන්න තිබුන.
මහසෙන්Friday, 11 October 2019 05:16 AM
ඇයි... මහ බැංකු හොරුත් ඉන්නේ... අමතක උනාද... අමතක කලාද?
KamalFriday, 11 October 2019 08:36 AM
එයාලත් වනකර ගත්තනේ... අර කට්ටිය තමා හරියටම ක්‍රමේ දන්නේ...