IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ව්‍යවස්ථාව සුරක්ෂිත කිරීම ඇමෙරිකාව අගය කරයි

(තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රික හා ව්‍යවස්ථාමය සම්ප‍්‍රදාය සුරක්ෂිත කරමින් ඇතිවූ දේශපාලන තත්ත්වය අගය කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය අද (17) නිවේදනය කළේය.

එක්සත් ජනපද රජය වෙනුවෙන් කොළඹ ඇමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිතුක් කරමින් මේ බව ප‍්‍රකාශ කර තිබේ.

ඇය එම ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් කියා සිටින්නේ , ශ්‍රී ලංකාව ඉන්දු -පැසිෆික් කලාපයේ වටිනා හවුල්කරුවෙකු බවය.

එබැවින් ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව ඇමෙරිකානු තනාපතිවරිය සඳහන් කර සිටින්නීය.

මේ අතර ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ  පසුගිය සති කිහිපයේදී මුළු රටටම බලපෑ දේශපාලන නොසන්සුන්කාරී තත්ත්වය සාමකාමී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ලෙසින් විසඳා ගැනීමට සියලු පක්ෂ වල නියෝජිතයින් සිවිල් සංවිධාන සාමාජික සහ රටේ පුරවැසියන් ලබා දුන් දායකත්වය අගය කරන බවය.

එසේම ඉදිරියට සියලුම පක්ෂ නියෝජිතයින් සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ රටේ ජාතික ප‍්‍රතිසන්ධානය , ප‍්‍රජාත්ත‍්‍රවාදය සහ මානව හිමිකම් යන වැදගත් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවයෙන් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවය.



අදහස් (0)

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ව්‍යවස්ථාව සුරක්ෂිත කිරීම ඇමෙරිකාව අගය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

නිවසේ ආරක්ෂාවකට සිටි පී.සී ජිප් රියකට වෙඩි තබයි
2025 මැයි මස 07 130 0

අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාත







මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 873 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 220 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1271 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site