IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලංකාව දුප්පත් කරන්න කැබිනට් අනුමැතිය

 

(ඩයනා උදයංගනී)

මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කිරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති දැඩි අසීරු තත්වය හමුවේ ජාත්‍යන්තර ආයතන මගින් ණය ආධාර ලබාගැනීම පහසු කරගැනීමේ අපේක්‍ෂාවෙන් මෙසේ මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම් ලබන රටක් දක්වා පහත දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි. 



අදහස් (39)

ලංකාව දුප්පත් කරන්න කැබිනට් අනුමැතිය

fairoos Tuesday, 11 October 2022 12:48 PM

මේ කාලකන්නි දේශපාලකයන් රටට කරපු මේ විනාශයට නම් හෙන වදිනවා. කොච්චර ලස්සනට තිබුණ රටද ජාතිවාදය අවුස්සලා නැත්තටම නැති කළේ.

:       8       148

රන්ජනිTuesday, 11 October 2022 02:34 PM

ජාතිවාදි ආගම්වාදී ගෝත්‍රිකයන් විසින් පාස්කු ප්‍රහාරය එල්ල කිරීමත් සමග තමයි රට ඉක්මනට වැටෙන්න පටන් ගත්තේ.

:       14       71

Rata PerataTuesday, 11 October 2022 03:52 PM

ඒකේ මහමොලකරු කවුද කියලා රටම දන්නවා නේ .ඒත් රනිල් ඒ ගැන වචනයක් කියන්නේ නෑ

:       4       64

Hafeel Tuesday, 11 October 2022 04:23 PM

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කල කොමිසන් සභා වාරතාවේ පිටු 26ක් ඇයි අද වනතුරු හැලි කරන්න නැතුව හංග ගන ඉන්නේ? ඔ හංගපු පිටු විසි හයතුල සමහරු වත්මන් පාර්ලිමේන්තුවේත් ඉන්නවලු. රුවන් වැලි සෑය ඉදිරිපිට දිවුරුම් දුන් මේ පාලකයෝ අවංක නම්, ඇයි ඕවා හංගන්නේ? ඒ නිසා අපි තේරුම් ගතයුතුයි ත්‍රස්තවාදීන්ට සහ අන්තවාදීන්ට ආගමක් හෝ දහමක් හෝ ජාතියක් හෝ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ බලය තමයි. ඒ සාපය තමයි අද කොව්රුත් විඳින්නේ. නෙල්සන් මන්ධෙලා කියා තිබුනා අර්බුදයක් නිර්මාණය කරලා බලයට ආවුත්, අර්බුදයෙන්ම නැති වෙනවා කියල. එක සත්‍යක් බවට අද පත් වෙලා.

:       4       49

ජානකWednesday, 12 October 2022 08:55 AM

මහ මොලකරු කරපු අයගේ ආගමික නායකයා මිස වෙන කවුද? අනිත් ආගම් වල අය බලයට ගේන්න මුස්ලිම් අය සිය දිවි නසා ගන්නවා කියලා කවුරු හරි කියනවානම් එයාලගේ මොලය පරීක්ෂා කර ගන්න ධනෑ. අනිවාර්යයෙන් මොලේ අමාරුවක්

:       4       6

අබිලින් Wednesday, 12 October 2022 08:12 AM

1948 දී නිදහස ලබන විට ජාතික ධනයෙන් ගල් ඔය ව්‍යාපාරය කරන්න තරම් වත්කමක් තිබුන අපිට කාළකණ්නි දේශපාලුවො නිකං කන්න පුරුදු කිරීම ජාතිවාදය ආගම් වාදය පතුරුවා ජාතිය බෙදා පක්ෂ ඇතඇතිකිරීම තමන්ට වඩා වළව්වල බැලමෙහෙවර කල අය ඉහළට යාවි යැයි ඇතිවූ ඊර්ෂ්‍යාව හා අන්සතු සැපතට ලෝභිත්වයෙන් ඒවා විනාශ කිරීම හා පවරාගැනීම් නිසාත් ආදායම් ඉක්මවා ගෙවීමට නොහැකි තරමින් ණයට අරගෙන තම තමන්ගෙ මඩි තරකර ගැනීමත් මුදල් පසුපස හඹායන ආගමික ස්ථාන වැඩිවීමත් නිසා ස්වයංපෝෂිත රටක්ව සිටි අපි හිගාකන ජාතියක් වී සිටිමු .මෙයට මෙතෙක් ලංකාවේ සිටි හා සිටින දේශපාලුවො හා වෘත්තීය සමිතිත් විවිධ ආකාරයට ජනතාව නොමගට යොමුකිරීම කල ආගමික පිරිසත් වගකිවයුතුය.

:       0       6

Hafeel Tuesday, 11 October 2022 01:36 PM

ජාත්‍යන්තරයේ පිලි ගත්තු කියල කියපු සහ ජාත්‍යන්තරයේ සහයෝගය පහසුවෙන් ගන්න පුළුවන් කියපු රනිල් ජනාධිපති වෙලා ඉන්න ආණ්ඩුව නේද මෙම තීන්දුව අරන් තියන්නේ. ආයිත් ජනතාවගෙන් කන්න දවස වැඩි ඈත නැහැ.

:       9       83

amila Tuesday, 11 October 2022 01:46 PM

තව ටික දවසකින් අන්ත දුප්පත් ගණයට වැටෙනවා. තවමත් අපේ අය කඩේ යනවා.

:       3       71

Priyantha Anuruddha ( Saudi Arabia ) Tuesday, 11 October 2022 01:59 PM

මෙහෙම ගිහින් මොකද වෙන්නේ ..........

:       2       40

ganegoda Tuesday, 11 October 2022 01:59 PM

මේක තමයි අද ලෝකයේ හැටි.

:       17       16

susantha Tuesday, 11 October 2022 02:09 PM

හොරාකාපු සල්ලි ලැබුනානම් මෙහෙම වෙන්නේ නැහැ.

:       4       63

Dewa Tuesday, 11 October 2022 02:28 PM

මේ හදන්නේ ලෝකය මුලා කරන්නටයි.

:       1       35

W.H.White Tuesday, 11 October 2022 02:32 PM

සමහර අය දේශපාලකයන්ට බණිනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ දේශපාලකයන්ට එරෙහි මතය හිතාමතාම වෙනස් කිරීමට බව මම විශ්වාස කරමි. නමුත් සාමාන්‍ය ඡන්ද දායකයන් නොමැතිව දේශපාලකයන්ට තම ඇඟිල්ල උස්සන්නවත් බැහැ.

:       2       24

බද්රානි Tuesday, 11 October 2022 02:39 PM

කැළණි හිඟන්නෝ කියලා අපිම ලෝකෙට ඔප්පුකරල පෙන්වන එක හොඳයි. හැබැයි හිඟන්නෝ හිතාගෙන ඉන්නේ ලෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ කියලයි. මන්ද පෝෂණ දරුවන්ව පිටරටවල් වලට පටවලා පාරවල් වල හිඟා කන්න දැම්මා නම් අනාගතයේ හොඳ ගානක් හොයා ගන්න තිබුනා මේ රටේ පාලකයින්ට.

:       1       29

Viraj Perera Tuesday, 11 October 2022 02:46 PM

ස්තුතියි

:       0       11

සනත් Tuesday, 11 October 2022 02:54 PM

දුප්පත් රටක් ලෙස කැබිනට් එක පිළිගත්තානම් මේ රටේ ධන කුවේරයින්ගේ ලඟ තිබෙන සියළුම වස්තුව හා දේපල මේ රටේ දුප්පත් ජනතාවට වහාම බෙදාපියව් .ඒකටත් කැබිනට් අනුමැතිය ගත්තනම් හොඳයි.

:       6       28

jagath Tuesday, 11 October 2022 02:57 PM

රට තවත් සොමාලියාවක් කරා ගෙනගිය උඹලාට හෙනම ගහපියව්

:       2       35

ගමේ එකාලා Tuesday, 11 October 2022 03:11 PM

ජනතාවට සවුබාග්‍යයේ දැක්ම පෙන්නලා බලයට ඇවිත් ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත දේසපාලුවෝ ,රටම කාබාසීනියා කරලා ,නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කෙරුවා . දේසපාලුවන්ට නම් මොකෝ. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් ගසාකාලා පරම්පරා ගාණකට ඇතිවෙන්ඩ යහමින් හරිහම්බ කරගත්තුවා ඇතිනේ.

:       1       31

Karivasam Tuesday, 11 October 2022 03:16 PM

එකම විසඳුම මහින්ද නැවත ජනපති කරවීම.

:       39       8

විපරමා Tuesday, 11 October 2022 06:28 PM

රටට කරපු විනාසේ මදිවටද? දැන් ඉන්නේ නරකාදියේ දොරකඩටම ඇවිත් ?

:       2       14

Dharmatileke Tuesday, 11 October 2022 03:21 PM

දුප්පත් කරන්න කැබිනට් මොකටද.?

:       1       33

Saman Tuesday, 11 October 2022 05:02 PM

මගේ රට කාපු මහ කාල කන්නිය ඇතුළු සියලු හොරුන්ට මගේ ප්‍රණාමය.

:       1       17

Buddika Tuesday, 11 October 2022 05:15 PM

ඇමුතුවෙන් මොනව කරන්නද. සියල්ල කලර හමරයි . උන්ට අධිපෝනය. ජනතවට මන්ධපෝශණය

:       0       0

Rexi Tuesday, 11 October 2022 05:49 PM

ඔන්න ආධාර නැව් පිටින් එනෝ.

:       0       0

Palitha Tuesday, 11 October 2022 05:50 PM

මුන්ගෙ හිත් දන්නව නේ මුන් මේ රට කෑවා කියලා. අයිත් මොකටද විශේෂ අනුමැති

:       0       1

Shashika519 Tuesday, 11 October 2022 05:54 PM

දැන් අපිට ගේමට ඉන්නෙ බුරුන්ඩි, සෝමාලියාව, සූඩානය, කොංගෝ වගෙ රටවල්... රනිල් රාජපක්ෂ අත අරින්න එපා.. කොහොමහරි එකටම ගේමු.

:       2       13

Ajantha Tuesday, 11 October 2022 06:14 PM

සල්ලි ලැබෙනවනන් අම්මා තාත්තා උනත් විකුණන් කයි කාලකන්නි.

:       1       18

Disanayaka Tuesday, 11 October 2022 06:47 PM

රටට හෙණ හත වැදුනත් මුන්ට කමක් නෑ. මළමිනී උඩින් හරි මුන් සැප කාර්වල යනවා සහ උන්ගේ මඩිය තර කර ගන්නවා.

:       1       18

Kumara Tuesday, 11 October 2022 07:14 PM

අපට සෝමාලියාවට වඩා චුට්ටක් උඩෙන් ඉන්න පුළුවන්නම් සැපම තමයි.

:       0       0

ලලිත් පුෂ්පකුමාර Tuesday, 11 October 2022 08:24 PM

ලංකාව දුප්පත් කරන්න කැබිනට් අනුමැතිය දීලා ක්‍රියාත්මක කරලා ගොඩක් කල්. දැන් කරේ දුප්පත් කියලා කියලා ඊට පස්සෙ ලෝකෙට අතපාන්න බෙල්ලෙ බෝඩ් එකක් එල්ල ගත්ත එක විතරයි .

:       0       0

sugath Tuesday, 11 October 2022 09:12 PM

ලෝකෙට ණය වෙලා පෝසත් වගේ පෙන්නුවට, අපි ඇත්තටම දුප්පත් තමා.

:       0       2

Perera Tuesday, 11 October 2022 11:06 PM

ලංකාවේ දුප්පත්කම අහස උසට බව සංකේතවත් වෙන්නේ අර කුලුනෙන්

:       0       1

chandima Wednesday, 12 October 2022 12:21 AM

මේ වැඩේට මේගොල්ලන්ට හොඳ පළපුරුද්දක් තියනවා

:       0       0

Demuni Uduwara Wednesday, 12 October 2022 02:07 AM

එහෙම කරපු අය දැන් ඇඩ්මිට් වෙලා!

:       0       0

Gunasinghe Wednesday, 12 October 2022 08:44 AM

එදා කලෙත් රටේ නැති බැරි නැති බැරි කම කියලා රටවලින් ආධාර ,ණය අරගත්තු එක .අද කරන්නෙත් ඒක.මේගොල්ලන් ක්‍රමයක් දන්නේ නෑ.ඒකෙන් තමා ඒගොල්ලෝ වෙන්නේ.ඉතින් අපි සැමදා දුප්පත්.දියුණු වීගෙන එද්දී පාස්කු ප්‍රහාර ,යුද්ධ වගේ ඒවා එනවා.තාමත් අපේ රටේ ජනතාව බුද්දිමත් නෑ මේවා තේරුම් ගන්න

:       0       0

ප්‍රියන්ත Wednesday, 12 October 2022 08:47 AM

ආර්ථික ඔස්තාර්ම මේ ගැන ප්‍රකාශ කළ එක හොදයි. අපගේ දේශපාලන නායකයන්ගේ දක්ෂතාවයේ තරම හොඳින් පැහැදිලි වී ඇත.

:       0       1

pakeer Wednesday, 12 October 2022 10:05 AM

මොනවා උනත් මේ මුඩුමයෝ ඇත්ත කිවුවා.ආසියාවේ ආශ්චර්ය

:       0       1

ගුනපාල Wednesday, 12 October 2022 10:50 AM

ශ්‍රී ලංකාව පහල ආදායම් ලාභි දුක්පත් රටක් ද මැදි ආදායම් ලාභි රටක් ද යන්න තිරනය කරන්නෙ ලෝක බැංකු ගනනය කිරිම් අනුවයි. එයට කැබිනට් අනුමැතියක් අවශ්‍ය නැත. පහල ආදායම් ලාභි දුක්පත් රටක් ලෙස සලකන්නේ වාර් ශික ඒක පුද්ගල ආදායම ඩොලර් 1050 ට අඩු රටවල්. වාසනාවට ලංකාව තවම එම තත්වයට පත්ව නැත. දුක්පත්කම මවා පානවාට වඩා එම තත්වය නැති කිරිමයි රජය කලයුත්තේ.

:       0       0

සකල ගුරු Thursday, 13 October 2022 03:07 PM

1952 සහල් මිල සත විසිපහක් වැඩිකලාම එකල සිටි ආර්ථික ඔස්තාර් ආචාර්ය තුමා හර්තාලය කලා. එදා සිටම ඔවුන් බලයට එන්න උපක්‍රමයක් ලෙසට සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක කලා.අපේ එවුන් ඉපැයීම නොකර අත පය නොසිල්වා නිකං කන්න පුරුදුවුනා .1970 හැනදෙන් හාල් ,1977 ඇට අටක්,1994 දී තුනයි පනහට පාන් ගෙඩිය ලෙසට ඇවිත් 1994 දියුණුව කියන තේරුම ඇති සමුර්ධි ඇතිකලා. අදට අවුරුදු 28 ක් සමුර්ධිමත්ම සිටින අතරේ ගමකට එකෙක් ඉදගෙන ආර්ථික සංවර්ධනය කරන නිසා නිදහසින් අවුරුදු 75 වනවිට ලෝකයේ හිගන ජාතියක් වෙලා අවසන් කොහොමද සමුර්ධියේ හා ආර්ථික සංවර්ධනයේ තරම. මේ වනවිටත් නැවතත් තවත් සහනාධාර දෙන්න හදන්නෙ යමක් කමක් තියෙන අයටත් සමග කියලා ඉල්ලීම් අනුව පේනවා (ලංකාවෙ මිනිසුන්ගේ ලැජ්ජා නහර සම්පූර්ණයෙන්ම ඉවත්කර තියෙන නිසා ලැජ්ජා නැහැ .මුන් ඉල්ලනවා උන් දෙනවා මුන් ගන්නවා ) කවුද මේවා තෝරන්නෙ මිනිස්සු තරහ වෙනවට ඔක්කොටම දේවි කියලා හිතෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 4 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 41 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 65 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 234 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 496 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 125 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site