( ටී.කේ.ජී.කපිල )
රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාම කොළඹ වානිජ මහාධිකරණය මගින් අත්හිටුවා නියෝගයක් ලබා දීම නිසා මෙම ගුවන් යානය අද (2) දහවල් සිට කටුනායක ගුවන් තොටුපළ තුළ නවතා දමා තිබේ .
රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරන ගුවන් යානය අද (2) උදෑසන 10.10 ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඉන්පසුව මෙම ගුවන් යානය අද (2) දහවල් 12.50 ට යළිත් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි .
ඒ සදහා ගුවන් මගීහු 200 කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
ඒ අතර කොළඹ වානිජ මහාධිකරණය විසින් කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී වෙත මෙම ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම තහනම් කරමින් නියෝගයක් ලැබී තිබේ .
ඒ අනුව මෙම ගුවන් ගමන අත්හිටුවා ඇති අතර , මෙම ගුවන් ගමන සදහා පැමිණි ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ අවට සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.
මේ වනවිට මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී ඇතුළු උසස් නිලධාරීන් , එරොෆ්ලොට් ගුවන් සේවයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද සාකච්ඡා පවත්වමින් සිටින බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රුසියානු මගී යානයක් උසාවි නියෝගයෙන් කටුනායක නවතා ගනී
කිරි පුතා Thursday, 02 June 2022 07:09 PM
අලි අස්සේ බලි කියලා නාන්න හදන්නේ...!
සිරිපාල - ලිබියාවේ සිට Thursday, 02 June 2022 07:13 PM
ඩියුටි – ෆ්‍රී මත්පැන් මිල අඩු කරන්න. රට ඉඳන් එද්දී ගේන්න පුළුවන් ලීටර් ගාණ වැඩි කරන්න. එතකම් ඩොලර් ශතයක් අපි එවන්නේ නෑ.
Asitha Thursday, 02 June 2022 07:52 PM
අනුන්ගේ දේවල් වලට අපි මොකටද අත දාන්නේ..?
ලක්සිරි පැරිස් Thursday, 02 June 2022 11:42 PM
මෙන්න තවත් මෝඩ තීරණයක්...
Nuwan Thursday, 02 June 2022 11:53 PM
මේ උත්සාහය රුසියාව තාවකාලිකව තරහ කරගැනීමටද? මොකද එවිට ඩොලර් 35 ට බොරතෙල් ගන්න වැඩේ කවදාවත් කරන්න වෙන්නේ නැහැ. දේශපාලකයින්ට ඩොලර් 100 ගානේ බොරතෙල් අරගෙන කොමිස් ගහන වැඩේ ජයටම කරගෙන යන්න පුළුවන්...
Nandalal DE SILVA - France Friday, 03 June 2022 12:44 AM
මේ කිරිමට අදිකරනය තීන්දු කලේ මන්දැයිදැයි නොදන්න නිා මෙ ගැන අප විමසිල්ලෙන් බා සිටිමු. රුසියනු ජනාධිපති පුටින් සමග ගෝටාටාභය උදයංග වීරතුංග වනි අය තිබෙන සමීප සබදතා නිා මෙය පහසුවෙන්ම ලිස්ස යාමට පුලුවන්, ඉන් පසුව ානය ගුවන් ගත වෙනව නිසකයි. රුසියව අපට ලබාදීමට පොරොන්ඩුවි තිබෙන ඉන්දන සඳහා ගෙවිමට ලංකාවට ඇතිවෙන්න "රුබල්" තිබෙද ? යුක්‍රේන ආක්‍රමනයෙන් පසුව රුසියවට එරෙහිව පනවා තිබෙන සම්භධක නිාත්, අපට දැනට "ඩොල්ලර්" අහේයක් රට තුල තිබෙන නිසාත්, රුසියනු තෙල් මෙරටට ලගාවීම අවිනිශ්ත බව නම් පැහැඩිලියි. එ ආක්‍රමන, ාහෙට අහන්නෙ නති එකදිපති පුටින් දිගඩුර මිසයිලයක් දෙකක් ලංකාවට එවුවොත් නිකම්ම ඔය හිරකරගෙන තිබෙන ඈරොෆ්ලොට් යනය ගුවන්ගත වෙනවමයි ! ! !
සමන් අමරසිංහ Friday, 03 June 2022 12:44 AM
මේ ප්‍රවෘත්තියේ කොතැනක වත් නැහැනේ මොන හේතුව නිසා ද ගුවන් යානයට තහනම් නියෝගයක් පැනෙව්වේ කියලා. ඇයි ප්‍රධාන පෙලේ පුවත් පතක් වෙලත්, අසම්පූර්ණ ප්‍රවෘත්ති පළකරන්නේ?
mahesh Friday, 03 June 2022 06:30 AM
හෙතුවක් සදහන් කර නොමැත. ලංකාවත් රුසියවට සම්බාදක පනවලද ? නත්නම් අමෙරිකවට , ඉන්දියාවට කඩෙ ගිහිල්ලද ? අපිටනම් ඉල්ලගෙන කන්න බෑ හොදේ.
SHASHIK RATHNAYAKE Friday, 03 June 2022 08:16 AM
නියම නිවුස් ඒකක් , කෝ හේතුව,,, පිස්සුවකට නවත්තා ගත්තද......
lakmal Friday, 03 June 2022 08:35 AM
නීතීඥ්ඥ සංගමේ උන් ටික ගෝල්පේස් එකේ එක තැනකට එකතු කරල තියල පුටින්ට ලොකේශන් එක යවමුද ?
malithi Friday, 03 June 2022 08:37 AM
සිරාවට, මේ නීතිඥ සංගමය මොකාටද එන්න හදන්නේ? මොකක් හරි කොමිසමක් ඕන වෙනවා ඕක නියාමනය කරන්න.
Thilak Friday, 03 June 2022 12:15 PM
රුසියාවෙන් අපිට කෑම ලැබෙයි වගේ.
ජයශ්‍රී Friday, 03 June 2022 12:34 PM
ගුවන් යානයේ ලීසිං ප්‍රශ්නයකට නවත්තගෙන තියෙන්නේ...!