
(යොහාන් භාසුර)
සියලුම රාජ්‍ය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (27) පස්වරුවේ දැනුම් දුන්නේය.
රූපවාහිනී සහ ගුවන් විදුලි යන සංස්ථාවවල සහ ලේක්හවුස් පුවත්පත් ආයතනය ඇතුළු මාධ්‍ය ආයතන කීපයක අධ්‍යක්‍ෂ මණ්ඩවල සාමාජිකයන්ට එසේ දැනුම් දුන් බවත් ඔවුන් ඉවත් වූ වහාම නව සභාපතිවරු සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් පත්කරන බවත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
සොනාල් ගුණවර්ධන මහතා රූපවාහිනියට ගුණාත්මක වෙනසක් එක් කළා... එසේම, ගුවන් විදුලිය සහ හඩ්සන් මහතා යනු සිංහල සිනමාවට විජය මාලිනී වගේ. ලස්සනට ගැලපෙනවා.
දැන් හෝ සැබෑ ලෙස ජනමාධ්‍ය ගැන දත් දේශපාලනයට ගැති නොවන නියම සුදුස්සන් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් ලෙස පත්කිරීමට කටයුතු යොදන්න. රාජ්‍ය මාධ්‍ය රජයේ හා දේශපාලකයින්ගේ අතකොළු ලෙස භාවිතා නොකොට ඒවා නිදහස්, ස්වාධීන ආයතන ලෙස පෞද්ගලික මාධ්‍ය ආයතන හා තරඟ වැදීමට ඉඩ හරින්න. එවිට රාජ්‍ය මාධ්‍ය ආයතන රටට වඩාත් වැඩදායී ආයතන බවට පත්වේවි. ලාබ ලැබීමද සිදුවේවි...!!!
පරණ ගති එහෙම්මයි. මේවාට අවංක, ජනමාධ්‍ය ක්ෂෙත්‍රයේ ප්‍රවීන, පක්ෂග්‍රාහී නැති දක්ෂ අය දිගටම ඉන්න විදියට පත් කරන්න. ඇමති වෙනස් වෙනකොට ආයතන ප්‍රධානින් වෙනස් වන සංස්කෘතිය දැන්වත් නතර කරන්න.
සුදුසුකම් ලත් අය පත්කළ යුතුයි.
හැමදාම සිද්ද වුනේ රටේ පත්වන ජනාධිපතිවරයාට ගැතිකම් කරන දේශපාලන වුවමනා, එපාකම් ඉෂ්ඨ කරන රූපවාහිනි මාධ්‍ය සභාපතිවරු කණ්ඩායමක්.. ඇති දේශපාලකයින්ට කඩේ ගියා ඇති.. ගුවන් විදුලි, රූපවාහිනි මාධ්‍ය වැරැදි තොරතුරු. වැරදි දේශපාලකයින් නිවැරැදි කර අසන්නන්ගේ, නරඹන්නන්ගේ ඔලුගෙඩි විකෘති නොකරන අපක්ෂපාතී සභාපතිවරු පත්විය යුතුයි. නමුත් පවතින රජයේ පෙර වැරැදි කෝටිගාණක් තියෙන නිසා සාධාරණයක් බලාපොරොත්තු වෙන එකත් හීනයක්. තාමත් පවතින්නේ රටේ මහජනතාව නොමග යවන ආණ්ඩුවක්...
ශ්රී ලංකාවේ වත්මන් තත්වයට දේශපාලකයින් වගේම ආයතනවල ප්‍රධානීන් සම්බන්ධයි. ගමේ සේවකයා ඉඳලා ජනාධිපති වෙනකන් හොරකම් කරපු රටක් කොහොමද ඉස්සරහට එන්නේ..?. අපේ ගමේ සතොසට එන බඩු ඔක්කොම පැයකින් ඉවර වෙනවා. දුප්පත් මිනිස්සුන්ට හරියාකාරව ඒවා බෙදිලා යන්නේ නෑ. ටවුමේ තියෙන තොග වෙළඳසැල්වලට වැඩි මුදලකට ඔවුන් විකුණනවා. මෙය එක් නිදසුනක් පමණයි.
ජනමාධ්‍යය හසුරුවන අයට රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් කමක් තිබිය යුතුයි. නමුත් පුද්ගලික මාධ්‍ය රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න තේරුම් ගැනීම රජයේ මාධ්‍යයට වඩා ඉදිරියෙන් ඉන්නවා. මේ විෂමතාව වටහා නොගන්නා තාක්කල් රජයේ ජනමාධ්‍ය රටට කොඩිවිනයක්...
රාජ්‍ය මාධ්‍ය කියන්නේ ජනතාවගේ මාධ්‍ය. ඒක ජනතාවගේ ඇජෙන්ඩා එක ක්‍රියාත්මක කරන්න ඕනෑ. පුද්ගලික මාධ්‍ය ස්වාධීන නැහැ. එහෙම වෙන්න ඕනත් නෑ. නමුත් ඇත්ත දැනගැනීම සහ දේශපාලකයින්ව නිවැරැදි මාවතට ගේන්නේ රාජ්‍ය මාධ්‍ය වෙන්න ඕනෑ.
ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මීට පෙර එම සංස්ථාවේ ඇති පාපිස්සේ දෙපාරක්ම කකුල පිසදාගෙනයි ආවේ. නැවත යන්නේ නෑ කියලා සිද්ධමුල්ලේදී කියලා එතැන ඉඳන්ම ඒකටත් කපාගෙනම දැන් ආයෙමත් සභාපතිකම ගත්තනේ... ආයෙමත් සිද්ධමුල්ලට නම් ගන්නේ නෑ..!
ලොක්කා සතොසේ සුදුළූණු හොරා කෑවා වගේ මේකත් කන්න නම් හිතන්න එපා. අරගල සහෝදරයෝ, සහෝදරියෝ හැම දෙයක් පිළබඳවම ඇහැ ගහගෙන ඉන්නේ. වැරැදි වැඩ කළොත් ඇඳුනුත් නැතිව තමයි යන්න වෙන්නේ...
ඔබතුමා කවද්ද ඉල්ලා අස්වෙන්නේ? ලැජ්ජා නැද්ද වෙළෙඳ ඇමැති වෙලා ඉඳලා රට නන්නත්තාර කරලා දැන් තව එකක්.