IMG-LOGO

රියදුරු බලපත්‍ර ලක්‍ෂ 10 ක් හිරවෙලා

(යොහාන් භාසුර)

රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන ‘සුහුරු’ කාඩ්පත් මාස කීපයක සිට නොමැති වීමෙන් රියදුරු බලපත්‍ර ඉල්ලුම්පත් ලක්‍ෂ 10 කට අධික ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති බව වාර්තා වේ.‍

ඕස්ට්‍රෙිලියාවෙන් ආනයන කරන මෙම ‘සුහුරු’ කාඩ්පත් සඳහා ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකු සතුව යූරෝ ලක්‍ෂ හයක් නොමැති වීම මෙම තත්වයට හේතුව බවත් මීට මාස කීපයකට පෙර එම කාඩ්පත් ඇනවුම්කර තිබුණ ද ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

නව රියදුරු බලපත්‍ර සහ යාවත්කාලීන කරන රියදුරු බලපත්‍ර සඳහා මේ වන විට තාවකාලික රියදුරුපත් නිකුත් කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. 

 



අදහස් (4)

රියදුරු බලපත්‍ර ලක්‍ෂ 10 ක් හිරවෙලා

Hafeel Sunday, 22 May 2022 02:47 PM

එදා 2019 දී මේ ජනාධිපති පත්වූ විගස, මහා ලොකුවට මාධ්‍ය සංදර්ශන පෙන්නලා නිරීක්ෂණ චාරිකා කියමින්, අවශ්‍ය උපදෙස් දුන් ආයතනවල් සේරම අද වනවිට කඩාවැටිලා. මේ ආයතනයට අද මේ ඉරණම... ගුවන් සමාගම දිනපතා පාඩු ලබන ආයතන. මහරෝහලේ අවශ්‍ය බෙහෙත් වර්ග හිඟයි. වැඩක් නැහැ...

:       2       20

Prase Sunday, 22 May 2022 03:27 PM

3 වැනි ලෝකයේ රටවල් වැඩ කරන්න ඕනෑ තමන්ට දරාගන්න පුළුවන් විදිහට.. මෝඩ පාලකයෝ බොරු ෂෝ දාලා රට බංකොළොත් කළා.. ගිනි තියපු එක වරදකුත් නෙවෙයි.. දැන් සැපද?

:       1       17

AsankaSunday, 22 May 2022 05:44 PM

ගිනි තියන්න තිබ්බේ මේ අයව ගෙවල් ඇතුළට දාලා. මේ රට මේ තැනට වැට්ටුවට මගේ ඩ්‍රයිවින් ලයිසන් එකත් ඔය ගොඩේ හිරවෙලා කාලකණ්ණි පාලකයෝ සහ මෝඩ නිවට ජනතාවක් ඉන්න රටක්...

:       0       7

සුජිත් පල්ලේවත්ත Sunday, 22 May 2022 06:20 PM

රුපියල හම්බකර ඩොලර්ස් වලින් යැපෙන්න යෑම මෙම අර්බුදයට මූලිකම හේතුවයි. මෙම සිද්ධියේදී මා දකින විකල්පයක් ලෙස වලංගු කාලය දීර්ඝ කරන බලපත්‍රවලටවත් එම බලපත්‍රය විනාශ නොකර (පන්ච් කර හිලක් යෙදීම) එම බලපත්‍රයටම යම් කිසි නිශ්චිත වූත්, ස්ථීරවූත්, වෙනස් කළ නොහැකිවූත් දීර්ඝ කළ බවට සටහනක් යොදා නැවත එම බලපත්‍රයම ලබාදීමට යෝජනා කරමි. මෙමගින් මෙරටින් පිටරටට ගලා යන විශාල විදේශ විනිමයක් ඉතිරිකරගත හැකිය.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site