IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රූපවාහිනී සංස්ථා පෙත්සමේ නියෝගය 4වැනිදා

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට ගෙන ඇති බවට ප‍්‍රකාශිත අති විශේෂ ගැසට් නිවේදනය බලශූන්‍ය කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්, විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේද නැත්ද යන්න පිළිබඳ නියෝගය ලබන 4 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) දැනුම් දුන්නේය.
 
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම් දීම කරනු ලැබුවේ දෙපාර්ශවය විසින් මෙම පෙත්සම් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුවය.
 
මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ, මුර්දු ප‍්‍රනාන්දු සහ එස්.තුරෛයිරාජා යන මහත්ම මහත්මීන‍්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවිණි.
 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ගොනු කර ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපති නම් කරනු ලැබ ඇත.
 
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
පසුගිය සැප්තැම්බර් 09 වැනි දින 2140/2 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ජාතියේ සමගිය සහ යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යවරයා හැටියට තමන් යටතට පත් කර ගන්නා බව ජනාධිපතිවරයා නිවේදනය කළේය.
 
19 වැනි සංශෝධනයේ 51 වැනි ප‍්‍රතිපාදනය අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇත්තේ ආරක්ෂාව සහ මහවැලි සංවර්ධන හා පරිසර විෂයන් පමණි.
 
ඒ අනුව මෙම ක‍්‍රියාව ව්‍යවස්ථාවට පටහැනි වේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිබිය යුතු විෂයකි.
 
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , අදාළ ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.
 
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, නීතීඥ සුරේන් ප‍්‍රනාන්දු යන මහත්වරු පෙනී සිටියහ. නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.



අදහස් (0)

රූපවාහිනී සංස්ථා පෙත්සමේ නියෝගය 4වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 84 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site