(නිමන්ති රණසිංහ)
අයිස් මත්ද්‍රව්‍ය විකුණන ස්ථානයකදී පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් රුපියල් 10620ක මුදලක් බලෙන් ලබා ගත්තැයි කියන කෙසෙල්වත්ත පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) නියෝග කළාය.
මත්ද්‍රව්‍ය විකුණන ස්ථානයකදී යම් සිද්ධියක් සිදුවුණී නම් මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයා මෙන්ම ඒවා ලබාගැනීමට පැමිණී පුද්ගලයා මෙන්ම අතරමැදියා යන තිදෙනාම අත්අඩංගුවට ගත යුතු තිබුණත් කෙසෙල්වත්ත පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමේ පදනම කුමක්ද යන්න ප්‍රශ්න කරමින් මහෙස්ත්‍රාත්වරිය සැකකරුට එලෙස ඇප නියම කළාය.
එසේම, ලබාදුන් මුදලට අඩුවෙන් මත්ද්‍රව්‍ය ලබා දීම හේතුවෙන් මෙම පැමිණිල්ල පැමිණිලිකරු විසින් සිදුකර ඇති බවක් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවෙන් ගම්‍ය වන අතර, මෙම සිද්ධියේ මත්ද්‍රව්‍ය විකුණූ පුද්ගලයා සහ මිලදී ගැනීමට ගිය පුද්ගලයා අත්අඩංගුවට නොගැනීම තුළ පොලිසිය වරදක් නොදකින්නේ මන්දැයි යන්න මහේස්ත්‍රාත්වරිය කෙසෙල්වත්ත පොලිසියෙන් ප්‍රශ්න කර සිටියාය.
මෙවැනි සිද්ධි විමර්ශනය සඳහා උපදෙස් ලබාදුන් ඉහළ නිලධාරින් කවුරුන්ද? මෙම සැකකරු බලෙන් ලබා ගත්තේ මොනවාද? දැන් පොලිසිය මත්ද්‍රව්‍ය විකුණන ඒවා සම්බන්ධයෙන් අධිකරණයට නඩු ඉදිරිපත් කරනවාද? යනුවෙන් කෙසෙල්වත්ත පොලිසියෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළ අධිකරණය සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවේය.
මෙම සැකකරු ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 168, 373 යන වගන්ති ප්‍රකාරව වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් කෙසෙල්වත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණේ නො. 14/01, මුහන්දිරම් පටුමග, කොළඹ 12 ලිපිනයෙහි පදිංචි අබ්දුල්ලා මොහොමඞ් ඉල්ලියාස් නැමැත්තා විසින් ඉකුත් 18 වැනිදාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණේ කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඩී. පී. සේනාරත්න මහතා විසිනි.
මෙහිදී පොලීසිය දිගින් දිගටම සිය බී වාර්තාවෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු විවෘත අධිකරණයට සඳහන් කළද මහේස්ත්‍රාත්වරිය සැකකරුට ඇප ලබා දෙනු ලැබුවාය.
මේ අනුව ඇප මත මුදා හරිනු ලැබුවේ කෙසෙල්වත්ත පොලිසියේ සේවය කරමින් සිටි (සේවය අතරහැර යාමේ නිවාඩු) හිටපු පොලිස් කොස්තාපල් 86858 දික්වැල්ලේ පදිංචි පියුම් චාමර රන්දෙණීය නැමැත්තාය.
2025 දෙසැම්බර් මස 30
85
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රුපියල් 10,620 ක් බලෙන් ලබාගත්තැයි කියන පොලිස් නිලධාරියෙකුට ඇප