(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ළඟ සිටින මන්ත්‍රීවරුන් දහ දෙනකු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දසදෙනකු රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා අරඹා ඇතැයි පැවසූ අමාත්‍යවරයා මන්ත්‍රීවරුන් දසදෙනකු වික්‍රමසිංහ මහතාට එකතුවීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති බවද සඳහන් කළේය.
අලුත්ගමගේ මහතා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ආහාර ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී ඇතිවූ සංවාදයකදීය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකතුමනි. මම ඒ යන අයගේ නම් කියන්නද.නම්වල මුල් අකුරු විතරක් කියන්නම්. හ යන්නෙන් එක්කෙනයි. එ යන්නෙන් එක්කෙනයි. ර යන්නෙන් එක්කෙනයි. ස යන්නෙන් එක්කෙනයි. දැන් ඔය නම් ටික බලා ගත්ත නම් හරි.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:
මම විතරක් නොවෙයි. අපේ කණ්ඩායමම ඔය පැත්තට එනව.
අලුත්ගමගේ මහතා:
ඒව ඉතින් දවල් හීන.මුදල් ඇමැතිකම ගන්න මෙයා දැන් ත්‍රීවිල් එකේ යනවා.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රනිල් ළඟට යන මන්ත්‍රීවරු පිරිසක් ගැන අලූත්ගමගේ හෙළිකරයි
ranjith Thursday, 24 March 2022 04:16 PM
මිනිස්සු දුක් විඳිනවා. ඒවට විසඳුම් සෙවීම පැත්තකට දාලා හැමදාම කියන ගොන් තකතීරු කතා කියනවා.
ajith Thursday, 24 March 2022 04:23 PM
මම විතරක් නොවෙයි. අපේ කණ්ඩායමම ඔය පැත්තට එනවා, මම මුදල් ඇමැතිකම ගන්නවා. සජිත් නායකතුමා අගමැතිකම ගන්නවා... අපි රටේ ජනතාව කිසිදිනක නොකාපු විදිහට අවුරුදු කන්න සලස්වනවා.
NIMAL Thursday, 24 March 2022 04:45 PM
ඔයත් මෛත්‍රී ගාවට යන්න නේද හදන්නේ...?
mp Thursday, 24 March 2022 08:00 PM
කට කට! වාචාලකමට දොඩවන්න එපා. ඔය කට නැත්නම් බල්ලොත් ඇදගෙන යනවා.
fairoos Thursday, 24 March 2022 08:13 PM
කෘෂිකර්මාන්තය විනාශ කරපු මෙයාලට නම් ළඟදීම හෙණ වදිනවාමයි.
Kumara Thursday, 24 March 2022 08:28 PM
මෙයා තමයි ඇදගෙන ඉන්නේ...!
siri Thursday, 24 March 2022 08:35 PM
මේ වගේ කෙනෙකුගෙන් වැදගත් යමක් කියවෙන්නේ නැත...
Prabha Thursday, 24 March 2022 10:38 PM
වැදගැම්මකට නැති අය පාර්ලිමේන්තු ගියාම අහන්න වෙන්නේ ඔයවගේ ඔලමොට්ටල, වැදගැම්මකට නැති කතා තමයි.
swene Friday, 25 March 2022 05:44 AM
මෙයා හැමදාම කියන්නේ වගකීමකින්, ඒත් වෙන්නේ හාත්පසින්ම වෙනස් දේවල්. ජොනිත් එක්ක තවතව කෑ ගහන්න. එතකොට ආණ්ඩුවේ තවත් ඉහළට යන්න පුළුවන් වේවි...!!!