IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රතු දිස්ත්‍රික්ක වලින් පොලොන්නරුවට පැමිණීම තහනම් කරයි

(ක.ග.කරුණාරත්න)

කොරෝනා වයිරසය හේතුවෙන් දිවයිනේ දැනට නම් කර ඇති අවදානම් රතු දිස්ත‍්‍රික්කවල සිට අත්‍යාවශ්‍ය සේවාවන්හි හැර වෙනත් වෙනත් කිසිදු පුද්ගලයෙකුට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට ඇතුලූවීම තාවකාලිකව තහනම් කිරීමට අද(23) තීරණය කළ බව පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ප‍්‍රකාශ කළේය.

අනෙකුත් දිස්ත‍්‍රික්කවල සිට මේ දිස්ත‍්‍රික්කයට පැමිණෙන අයද අනිවාර්යයෙන්ම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ  සහතිකය මත පැමිණිය යුතුයැයි ඒ මහතා කීය.
 
උතුරු මැද පලාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ පැවැති දිස්ත‍්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුවේදී මෙම තීරණ ගත් බව දිස්ත‍්‍රික් ලේකම්වරයා කීය.
 
ඒ සම්බන්‍ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත‍්‍රික් ලේකම්වරයා මෙසේද කීය.

‘‘මේ කමිටුවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂතුමා විශේෂයෙන්ම පෙන්වා දෙනු ලැබුවා පිට දිස්ත‍්‍රික්කවල වැඩ කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ,පොලීසිය සහ අත්‍යාවශ්‍ය සේවා සපයන අය ඔවුන්ට නිවාඩු ලැබුණාම මේ දිස්ත‍්‍රික්කයට එනබව.නමුත් ඔවුනගේත්, අපේත් හැමෝගෙම ආරක්‍ෂාවට මේ තින්දුව ගමු කියලා රතු දිස්ත‍්‍රික්කවලින් පැමිණෙනවා නම් එය නවත්වන්නට.ඒ නිසා අපි ඔවුන් ගෙනුත් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා රතු දිස්ත‍්‍රික්කවල සිට මේ දිස්ත‍්‍රික්කයට එන්න එපා කියලා.ඒ වගේ අනෙක් දිස්ත‍්‍රික්කවල සිටත් එනවා නම් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ සහතිකය මත තමයි එන්න පුළුවන්.ඒ වගේම ගොවිතැන් කටයුුතු සඳහා පිට දිස්ත‍්‍රික්කවලින් කිසිම අයෙක් ගෙන්වා ගන්න එපා කියලා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ දිස්ත‍්‍රික්කයට ඇතුලූ වන  ප‍්‍රධාන ස්ථාන කිහිපයක් හැර අනෙක් සියලූම තැන් වසා දමන්නට අපට සිදුවෙනවා.නැතිනම් මෙය පාලනය කරන්නට අපට බැරි වෙනවා. ඒ වගේම සැක සහිත දිස්ත්‍්‍රකකවලට යාම සම්බන්‍ධයෙන්ද අපි දැඩිව ඉන්නවා යැයිද දිස්ත‍්‍රික් ලේකම් වරයා ප‍්‍රකාශ කළේය.



අදහස් (7)

රතු දිස්ත්‍රික්ක වලින් පොලොන්නරුවට පැමිණීම තහනම් කරයි

Buddika Thursday, 23 April 2020 12:13 PM

ඔය පොළොන්නරුව දිස්ත්‍රික් එක පහුගිය කාලේනම් අපිට එපාම වෙලා තිබ්බේ කලින් ජනාධිපති නිසා.

:       1       71

dasthaa Thursday, 23 April 2020 12:22 PM

මෙයට උද්ගතවූ විශේෂිත හේතුව මොකක්ද?

:       0       8

පහේ පන්තියේ කොල්ලෙක් Thursday, 23 April 2020 12:54 PM

අරමුදලේ ශේෂය පෙන්න පෙන්න මොන දෙයක් කරන්නද. ඕකෙන් ටෙස්ටින් කිට්ස් ඇතිතරම් ගේන්නේ නැතිව. මේක තියන් ඉන්නව ඇත්තේ ඡන්දෙ කාලෙට කොරෝන වෙනුවෙන් අවස්තා සදහා වියදම් කරන්න

:       57       141

Buddika Thursday, 23 April 2020 01:05 PM

කොවිඩ් කෙසේවෙතත් අරමුදලට නම් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි.

:       115       398

ධම්ම Thursday, 23 April 2020 02:37 PM

අර කොළඹ පිං ගෙදර හිටං එන අය කොහොමටවත් වැද්දගන්න එපා. කොරෝනා ඊට වැඩිය හොඳයි.

:       0       0

lalithm Thursday, 23 April 2020 06:41 PM

දින කීපයකට ඉස්සර ජනපති මාධ්‍ය ඒකකයෙන් ලොකු ප්‍රකාශයක් නිකුත් කලා ප්‍රාදේශීය වශයෙන් තීරණ ගෙන කලාප වසාදැමීමේ තීරණ ගන්න එපා කියල. මතක හැටියට බණ්ඩාරවෙල නගරය වස දැමීම නිසා. කෙලින්ම නොකිය පොළොන්නරුවේ මේ කරන්නේ එම දේම නේද? පළාත් ආණ්ඩුකාරය සහ දිසා ලේකම් තුමා ජනපතිතුමාට ඉහලින් තීරණ ගන්නවද?

:       1       46

Nihal Friday, 24 April 2020 05:15 AM

පොළොන්නරුවෙනුත් රතු දිස්ත්‍රික්කවලට එන්න එපා. මොකද දැන් කළුතර දිස්ත්‍රික්කයෙන් එහෙම අලුතෙන් වෛරස් එක ආසාධනය උනු අය හම්බුනේ නෑ.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 91 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site