IMG-LOGO

රට හරි මඟට මෙහෙයවන්න ජනපති සමත් වෙලා

(අංජුල මහික වීරරත්න)

ඉතා අසීරු අවස්ථාවක රට බාර ගනිමින්  නිවැරදි මාවතට  මෙහෙයවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ඉත්තෑපානේ ධම්මාලංකාර ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා  හිමියෝ පැවසූහ. 

ඉදිරි සියලු අභියෝග ජය ගැනීමට ජනාධිපතිවරයාට ආශිර්වාද කරන බව ද මහා නාහිමියෝ කීහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොට්ටාව, රුක්මලේ ධර්ම විජයාලෝක විහාරස්ථානය වෙත ගොස්  ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමි  ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ විශේෂ අනුශාසනාවක් කරමින් මහ නාහිමියෝ මේ බව පැවසුහ. 

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පෞද්ගලිකව කොතරම් පාඩු වුවද රට සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට තමාට සිදුවූ බවයි. රටක් ඉදිරියට ගෙනයාමට නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිවරයා  කියා සිටියේය.



අදහස් (6)

රට හරි මඟට මෙහෙයවන්න ජනපති සමත් වෙලා

Hafeel Sunday, 07 August 2022 04:00 PM

රටේ ප්‍රශ්නවලින් භාගයක්වත් විසඳිලා නැති මොහොතේ සහතියකයකුත් දීල ඉවරයි. මෙහම තමයි හැම දුර්වල සහ අසාර්ථක දේශපාලුවන්ටත් සහතික දීල සහ ආශීර්වාදය කරල කරල රට විනාශයට ගමන් කළේ.

:       7       32

Sisira Sunday, 07 August 2022 04:22 PM

අනේ මන්දා,මේ හාමුදුරුවරුත් හරියට මැරිලා ඉපදිලා වගේ.

:       8       35

samansiei Sunday, 07 August 2022 05:10 PM

හාමුදුරුවරුන්ට ගෝඨා ඉන්න කාලේ එයා හොඳයි. දැන් රනිලුත් හොඳලු .

:       5       32

MalikaSunday, 07 August 2022 05:21 PM

දෙන්නගෙන්ම හාමුදුරුවන්ට වාසි ගොඩයි.

:       4       35

එමි එමි Sunday, 07 August 2022 06:29 PM

මෙි හාමුදුරැවො කවුරු හරි ගියාම ලෝකෙ නැති දේවල් කියනව මොකද මෙයාලට කිසිම අඩුවක් නැහැනෙ මෙි වෙලාවෙ එළියට ඇවිත් ටිකක් ඇවිදලා බලන්න මිනිස්සු විඳින දුක. ඉස්සර කාලෙ නමි හිටිය රටට ජාතියට ආදරේ කරපු මහානායක හිමිවරු ඒත් දැන් ඉන්නෙ දානෙ කාල පාඩුවෙ ඉන්න නිකන්ම නිකන් හාමුදුරුවරු විතරයි.

:       6       29

Bamunuarachchi Monday, 08 August 2022 08:10 AM

හලෝ නොදන්නා මගුල් කතානොකර ඉන්නවා. වාහනයේ සුක්කානම අතට අරන් වාහනය පාරට ගන්න විදිහෙන් කියන්න පුළුවන් මේ හාදයාට ඩ්‍රයිව් කරන්න පුළුවන්ද? වාහනය කොන්ට්‍රෝල්ද කියලා. මීට අවුරුද්දකට ඉස්සෙල්ලා ඩ්‍රයිව් කරන්න බැරි වෙන්න පුළුවන්... නැතුව ගමන ඉවර වෙනකන්ම ඉන්න ඕනේ නැහැ ඩ්‍රයිවින් ගැන කියන්න. ඒත් සජියා වැඩේ කෙනෙක් ඩ්‍රයිව් කරන්න ගත්තා නම් කෝකටත් හොඳයි වාහනෙන් බහින එක... බැහැලා බලන් ඉන්න වෙනවා ඩ්‍රයිවින් කොහොමද කියලා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 453 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site