IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රට වහන්නැයි පාඨලි කියයි

(නිමල කොඩිතුවක්කු)

මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම විදුලිබල මණ්ඩලය වහාම විශේෂඥ මණ්ඩලයකගේ පාලනයට භාර දිය යුතු බවද කොළඹදී අද(31) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රණවක මහතා කීවේය.

ආණ්ඩුව පත්කළ සෞබාග්‍යමත් රටේ හැත්තෑ පන් ලක්ෂයක් විදුලි පරිභෝගිකයන්ට පැය විසි හතරෙන් පැය දහතුනක් විදුලිය නොමැතව ජීවත් වෙන්න සිදුව ඇතැයිද ඔහු පැවසීය.

විදුලි බලය නොමැතිව කුඩා පරිමාණයේ වෙළඳසැල් හාර ලක්ෂයකට අධික ප්‍රමාණයක් සහ දස ලක්ෂ සංඛ්‍යාත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ලම අද වැනසී යන තත්වයකට පත්ව ඇතැයිද හෙතෙම කීවේය.

කුඩා හා මධ්‍ය පරිමාණ වෙළඳ ස්ථාන ශීතකරණ භාවිතාවෙන් ආහාර හා ඖෂධ කල් තබා ගන්නා ස්ථාන අද ඉතාමත්ම භයානක අර්බුදයකට ගොදුරු වීමෙන් ආහාරවල ප්‍රමිතිය පිළිබඳ, ඖෂධවල ප්‍රමිතිය පිළිබඳ බලගතු ප්‍රශ්න මතුව ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනතාව ඉදිරියේ තියෙන අර්බුදය මේ ආණ්ඩුව තවදුරටත් තේරුම් ගෙන නැතැයිද රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

රට වහන්නැයි පාඨලි කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site