IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


රට අතහැර යන්නන් තවත් ඉහළට

(සුජිත් හේවාජුලිගේ )

රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් වෙනත් රටවලට යෑමේ අරමුණින් විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) සකස් කර ගැනීම සඳහා  ආගමන විගමන  දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව සියයට 30 - 40 අතර සංඛ්‍යාවකින් වැඩිවී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින්  පැවසේ.

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා  කරුණ විමසීම්ද ඒ හා සමානව වැඩිවී ඇතැයි  එහි ප්‍රකාශකයෙක් පැවසීය.

රටපුරා නිවාස සහ වාහන විකිණීම්ද පසුගිය දිනවල වැඩිවී ඇති අතර බොහෝ දෙනකු ඒ දේපළ විකුණා ඇත්තේ විදේශගතවීම සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණින්  බව දැනගන්නට ඇත.

විදේශ රටවල දැනට ජීවත්වන  ශ්‍රී ලාංකිකයන්  විශාල පිරිසක් මෙරට ජීවත්වන සිය කිට්ටුවන්ත  ඥාතීන් ඒ රටවලට ගෙන්වාගැනීමද වැඩිවී ඇති අතර බොහෝ පිරිසක් එවැනි අනුග්‍රහ අපේක්ෂාවෙන් සිටින බවද අප කළ කරුණු සොයා බැලීමකදී දැනගන්නට ලැබිණ.

එසේම නීති විරෝධී ක්‍රම මගින්  විදේශයන්ට පලා යන පිරිස්ද වැඩිවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ තරුණ පිරිස රටින් පිටවීම හෝ ඒ සඳහා දරන  උත්සාහයන් ගැන තොරතුරු සහ විමසීම් රාශියක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වනුද මේ දිනවල සුලභව දැකිය හැක.

මේ සඳහා වෙනම සමාජ මාධ්‍ය ජාල කණ්ඩායම් පවා නිර්මාණය කර ගෙන සිටින  අතර,  තරුණ පිරිස්  සේම පුද්ගලයන් පිටරට යවන 'ඒජන්සි' හිමියෝද  එම කණ්ඩායම් අතරේ  ඉතා ක්‍රියාකාරීව 
සිටිති.



අදහස් (7)

රට අතහැර යන්නන් තවත් ඉහළට

කිරි පුතා Saturday, 09 April 2022 12:09 PM

මව්බිම අපහසු අඩියක තිබියදී එය අතහැර යෑමට උත්සාහ ගැනීම මොන මානසිකත්වයක් දැයි කීමට අවශ්‍ය නැත. වෙනත් රටවලින් ඔබව ඉඹ වඩාගැනීමට බලා සිටිනවා යැයි සිතනවා නම් එය සිහිනයක් පමණි.

:       34       25

RexiSaturday, 09 April 2022 02:21 PM

එතකොට රටේ දේශපාලුවන්ගේ ළමයි, හොරකම් කළ ආණ්ඩුවේ හෙංචයියන්ගේ ළමයින්, රටේ ඉන්න දේශපාලුවෝ රට අමාරුවේ වැටුණු වෙලේ යන්න එපා කියන්නේ නැද්ද?

:       1       33

LalSaturday, 09 April 2022 03:35 PM

කවුද කැමති දුක් විඳින්න? පුළුවන් කමක් තියනවා නම් යනවා ඇරෙන්න... කිසිම රටක් පිළිගන්න බලාගෙන නෑ. නමුත් කොහොම හරි ගැට ගහගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ යන්නේ..!

:       1       33

ගමේ එකාලාSaturday, 09 April 2022 10:39 PM

මව්බිම වලපල්ලටම ඇදලා දැම්මේ කවුද .බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවෝ .උන්ට නම් අවුලක් නැහැ පරම්පරා ගාණකට ඇති වෙන්ඩ හරිහම්බ කරගත්තුවා තියෙනවා .වෙන රටවල ජනතාව ගොනාට අන්දවපු නායකයෝ නැතුවා .ජනතාගේ ලේ දහඩිය මහන්සිය උරාබීපු ලේ මාපිල්ලු ජරාපක්සලා නැති එකම මදෑ.

:       0       0

Nihal Dharmatileke Saturday, 09 April 2022 12:10 PM

මහින්ද මහත්තයාගේ ළමයි යනවානම් තමයි සතුටු වෙන්න පුළුවන්... අනිත් තරුණ තරුණයින් රටේ ඉඳලා..

:       1       42

NissanakaSaturday, 09 April 2022 02:05 PM

හොරාකාපු සල්ලි ආපහු ගන්නකන් රටින් පිටවෙන්න දෙන්න එපා...

:       2       33

Sanath Dubai Saturday, 09 April 2022 02:03 PM

රැකියා හොයාගෙන පැමිණි තරුණ තරුණියෝ විශාල ප්‍රමාණයක් ඩුබායිවල අතරමංවී සිටිනවා. ජාවාරම්කාරයින්ට අහුවෙන්න එපා..

:       1       35

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ප්‍රපාතයට වැටුණු බසය ගොඩ ගනී
2025 මැයි මස 11 153 0

රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරලුණු බස් රථය අද පස්වරුවේ ගොඩගෙන ඉදිරි පරික්ෂණ කටයුතු සදහා කොත්මලේ පොලිසිය වෙත රැගෙන යනු ලැබීය.


දියණියගේ මරුවා වයරයෙන් එයි
2025 මැයි මස 11 13 0

මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ නිවසක් ආලෝකමත් කිරීමට සවිකර තිබූ විදුලි බුබුළු වැලක සිදුවූ විදුලි කාන්දුවක් නිසාවෙන් එම විදුලි බුබුළු වැල ස්පර්ශ කළ නව හැ


ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 572 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1534 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 451 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1638 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1041 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1446 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 374 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site