IMG-LOGO

‘රටට පණ කඳ ඇති අගමැතිවරයෙක් ඕනෑ‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටට පණ කඳ ඇති අගමැතිවරයකු අවශ්‍ය වන බව අපේ ජන බල පක්ෂයේ  පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී අද (6) පැවසූහ.

උන්වහන්සේ මෙසේ පැවසූවේ  රටේ පවතින තත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේදීය.

පණ කඳ තිබෙන හයිය හත්තිය තියෙන අගමැතිවරයකු පත් කළ යුතු බවත් ඔහු  පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බවත් උන්වහන්සේ කීහ. ඒ හැර වෙනත් විකල්පයක් නැතැයිද  රතන හිමියෝ පැවසූහ.

අලුත් අගමැතිවරයකු සහ  කැබිනට් මණ්ඩලයක් පත්කර ගෙන රට ඉදිරියට ගෙන යා යුතු බවද  උන්වහන්සේ සඳහන් කළහ. අතුරලිය රතන හිමියෝ මෙසේද පැවසූහ.

අප සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයකට පැමිණිය යුතුයි.ඊට විපක්ෂයද දායක විය යුතුයි. ආණ්ඩුවේ සහ විපක්ෂයේ කොටස් සමග කැබිනට් මණ්ඩලයක් පත් කරන්න පුළුවන්.මේ ආණ්ඩුවට දිගු කලක් යන්න බැහැ. ඒක තමයි ඇත්ත තත්වය.



අදහස් (2)

‘රටට පණ කඳ ඇති අගමැතිවරයෙක් ඕනෑ‘

මංජුල දසනායක Wednesday, 06 April 2022 09:13 PM

පණ කඳ විතරක් තිබිලා මදි .මොලේ ඇති මිනිහෙක් පත් කරගන්න ඕන .පණ කඳ විතරක් බලලා ගොනෙක් පත්කරගෙන වැඩක් නෑ .

:       0       0

ජගත් ලියනගේ Wednesday, 06 April 2022 10:11 PM

ඔයාට බැරිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site