IMG-LOGO

රාජ්‍ය ඇමැති සොහොයුරු ප්‍රා.මන්ත්‍රී ආරච්චිකට්ටුවේ යකා නටයි

(ලලිත් නවරත්න)
හලාවත ප‍්‍රදේශයේ ප‍්‍රබල දේශපාලනාඥයකුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ඇතුළු සන්නද්ද කල්ලියක් ආරච්චිකට්ටුවල ආනවිලූන්දාවල රාජකදලූව යන ප‍්‍රදේශවලදී  නිවෙස් 3ට බලහත්කාරයෙන් ඇතුලූවී එහි නිවැසියන් බිය ගන්වා මරණ තර්ජන කරමින් එම නිවෙස්වලට සහ රථවාහනවලට අලාභහානි කර ඇතිබව  ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව හිටපු එ.ජා.ප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී  ඇනීසීටස් සිල්වා සහ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභා සේවකකෙු වන එච්. ලක්ෂ්මන් නැමැත්තෙකි.
හිටපු එ.ජා.ප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාගේ පැමිණිල්ලට අනුව  ඔහුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුලූවූ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු පොදු පෙරමුණ  ප‍්‍රාදේශීයසභා  සභාපති ඇතුලූ පිරිසක් තමන්ට බරපතල ලෙස පහරදී කඩුවෙන් කපා ඔහුට අයත් නවීන වෑන්රථයට හා තවත් යතුරුපැදි දෙකකට අලාභහානි කොට මරණ තර්ජන කොට පලාගිය බව සඳහන් වී ඇති බව පොලීසිය පවසයි.
පහරකෑමට ලක්වූ ප‍්‍රාදේශීය සභාවේ සේවකයා තම සේවය සඳහා ප‍්‍රාදේශීය සභාව අසල රැුඳීසිටින අවස්ථාවේ හිටපු සභාපතිවරයා ඇතුලූ පිරිසක් ජීප්රථයකින් පැමිණ තමන්ට අතින් පයින් සහ කඩුවක නොකැපෙන පැත්තෙන් පහරදී තමන්ට අයත් ත‍්‍රීරෝද රථයට බරපතල ලෙස හානි සිදුකළ බවට පොලීසියට පැමිණිලි කරඇත. 
මෙදිනම මෙම මැරපිරිස විසින් ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ ප‍්‍රාදේශීය සභාමන්ත‍්‍රී අජිත් ගිහාන් මහතා නිවසේ නොමැති අවස්ථාවේදී ඔහුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුලූවී ඔහුගේ නිවසට හා ව්‍යාපාරික ලොරිරථයට පහරදී අලාබහාන් සිදුකර ඇති අතර නිවැසියන්ට මරණ තර්ජන සිදුකළ බවට පොලීසියට පැමිණිලි කරඇත
තවද එම මැරපිරිස විසින්ම ජාතික ජනබල වේගයේ ප‍්‍රභල සාමාජිකයෙකුගේ නිවසට පැන ඔහු නිවසේ නොමැති අවස්ථාවේ ඔහුගේ නිවසට හා ව්‍යාපාරික ලොරි රථයටත් මහන යන්ත‍්‍රයකටත් පහරදී අලාභහාන් සිදුකර ඇතිබවට පොලීසියට පැමිණිලි කරඇත.
පහර කෑමට ලක්වූ පුද්ගලයින් තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කරඇත.
පැමිණිලි වලට අනුව සිද්ධියට සම්බන්ධයැයි සැකකරන ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ පොදු පෙරමුණ හිටපු සභාපති හා එම ප‍්‍රාදේශීය සභාවේ වර්තමාන ප‍්‍රාදේශීය සභාමන්ත‍්‍රී ජගත් සමන්ත පෙරේරා මහතා ඇතුලූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට විශේ්ෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව ජේෂ්ඨ පොලිස් නිළධාරීයෙක් පැවසුවේය.
පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා හලාවත කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ  පොලිස් අධිකාරී රංජිත් විජයවර්ධන යන නිළධාරීන්ගේ උපදෙස්මත ආරච්චිකට්ටුව පොලිස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී. වී. අරුණශාන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (12)

රාජ්‍ය ඇමැති සොහොයුරු ප්‍රා.මන්ත්‍රී ආරච්චිකට්ටුවේ යකා නටයි

Sahan Sunday, 03 April 2022 09:11 AM

කරුණාකර තවත් හොරු ආරක්ෂා නොකර, නම්ගම් විස්තර සහිතව දාන්න.

:       0       11

SL Sunday, 03 April 2022 09:12 AM

පාර්ලිමේන්තුවට, ප්‍රාදේශීය සභාවට ඡන්ද ඉල්ලන නාම ලේඛනවලට අවම සුදුසුකම් විදියට විෂයය ගැන අවබෝධයක්, අවම උපාධි මට්ටමක්. ලැබෙන දීමනා සහ බලය ගැන පාර්ලමේන්තුවට තීරණ ගැනීමට වඩා අධිකරණය මගින්, (අධිකරණයේත් ඉන්නේ OL ගණන් බැරිව ආර්ට් කරපු අය නම් වැඩේ අමාරුයි..) පාර්ලිමේන්තුවට බලපෑමක් කළයුතු කාලය ඇවිත්. මේ වගේ කාලකන්නි දේශපාලනයට ආපු නිසා තමයි මේ රට මේ විදියට බංකොළොත් වෙලා තියෙන්නේ... ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්ද අයිතිය ලැබිය යුත්තේ ඒ ගැන අවබෝධයක් තියෙන මිනිස්සුන්ට...!

:       0       9

මසිරිපාල Sunday, 03 April 2022 09:40 AM

ගහේ කටු උල්කරන්න අවශ්‍ය නැහැ. අපිට කරන්න තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වාර්තාවක් තබා ජයග්‍රහණය කරවා එවැනි මැරයින් මර්දනය කිරීමයි..

:       18       61

KanthiSunday, 03 April 2022 10:21 AM

අනිවාර්යයෙන්..

:       9       41

දාසSunday, 03 April 2022 11:10 AM

එය එසේ සිදුවිය යුතුමයි...

:       2       16

RangaSunday, 03 April 2022 11:16 AM

ඇයි ඒ ජනතා විමුක්ති පෙරමුණ දිනවන්න ඕනේ..? ගුටි කාපු නිසාද..?

:       12       5

ගජමිතුරු Sunday, 03 April 2022 12:12 PM

රං.. ඔය ඔලුගෙඩිය ඇතුළේ තියෙන්නේ මැටිද? නැත්නම් ගොමද? නිදහස ලබා අවුරුදු 74ක් අවසන් අපි දැන්දැන් ලෝකයේ පහත්ම ආර්ථිකය ඇති රට බවට පත්වෙමින් ඉන්නවා කියලා දන්නේ නැද්ද? දැන්වත් ඔය ගසාකෑම් කරන මෙරට ආදායම් විදෙස් ගතකරන එවුන් පලවා හැරීමටයි... එහෙම කරන්නේ ජෙප්පන්ට ගහන්නේ උන්දැලා එනවා කියලා දැඩි විශ්වාසය නිසායි...

:       2       11

sasandara Sunday, 03 April 2022 09:47 AM

අන්තිම නැටුමයි ඔය නටන්නේ..., වන්දි ගෙවන්න බලාගෙන හිටපල්ලා.

:       7       47

Dee Sunday, 03 April 2022 10:22 AM

දැන් සැපද?

:       6       26

Jagath Sunday, 03 April 2022 10:51 AM

නුඹලාගේ දැඟලිල්ලට වැඩි කාලයක් නැහැ. ළඟදිම නුඹලාගේ ඔය දැඟලිල්ල අපි නවත්තනවා. ඒක ස්ථිරයි, අනිවාර්යයි.

:       2       29

nihal Sunday, 03 April 2022 10:55 AM

සක්කිලි විසින් සක්කිලින්ව පත්කළාම සිදුවෙන්නෙත් සක්කිලි වැඩමයි...!

:       2       31

අමිල සිං Sunday, 03 April 2022 11:26 AM

ඔය කට්ටිය බලය මාරු වුණාම රට පනින එක තවත්ත ගන්න පුළුවන් නම් හොඳයි. හොරා කාපු සේරම ආපහු ගන්නකන්...

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site