IMG-LOGO

රජයේ ආයතනවලට ලිපි ද්‍රව්‍ය අවුරුද්දටම අච්චු ගැසීම නවත්වයි

(සුජිත් හේවාජුලිගේ)

මුද්‍රණ කඩදාසි හිඟය නිසා රජයේ ලිපි ද්‍රව්‍ය  මුද්‍රණ කටයුතුද බොහොමයක් ඉතාම කෙටි කලකින් අඩපණවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව රජයේ ආයතන වෙනුවෙන් ලිපි ලේඛන මුළු වර්ෂයටම මුද්‍රණය කිරීම මේ අනුව තාවකාලිකව නවතා දැමූ බව රජයේ මුද්‍රණාලාධිපතිනී  ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

රජයේ ආයතන වෙනුවෙන්  කාර්තුවෙන් කාර්තුවට ලිපි ද්‍රව්‍ය මුද්‍රණය කිරීමට පියවර ගෙන ඇතැයිද  ඇය සඳහන් කළාය.

මුද්‍රණ කඩදාසි  පිරිමසා ගැනීම සඳහා  මෙම පියවර ගෙන ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර රජයේ ආයතනවල ගබඩාවන්හි දැනට පවතින ලිපි ද්‍රව්‍යවල විස්තර  පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව එම ආයතනවලට දැනුම්දී ඇත.

එසේම කොළඹ වරායේ  හිරවී ඇති  මුද්‍රණ කඩදාසි තොග නිදහස් කර ගැනීම සම්බන්ධයෙන්ද මහ  භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරන බව ගංගානී කල්පනා ලියනගේ  මහත්මිය වැඩිදුරටත් කීවාය.



අදහස් (2)

රජයේ ආයතනවලට ලිපි ද්‍රව්‍ය අවුරුද්දටම අච්චු ගැසීම නවත්වයි

අප්පුහාමි Friday, 01 April 2022 01:27 PM

ලංකාවෙ වැඩි ජනතාවක් උදේ කුලියක් කරන්න යනවා හවසට ලැබෙන මුදලිත් රාත්‍රියටත් පසුදා උදේට පාන් ගෙඩියක් හෝ දෙකකුත් දහවල සදහා සුලු දෙයකුත් ගන්නවා සමහර අය මාසෙකට ඇතිවෙන්න වියලි ආහාර ගේන්නෙ පඩි දවසට මස් හෝ මාලු කෑල්ලක් කන්නෙ පඩි දවසට ඇත්ත නැත්ත වැටුප් හෝ විශ්‍රාම වැටුප් දිනක නගරයේ මාලු කඩයක් ළග බලන්න එහෙම වුනත් රටකට අවශ්‍ය දේවල් එහෙම ගන්න බැහැ දිගුකාලීනව අවශ්‍ය දේවල් ගැනීමට සැලසුම් කරල මිලට ගන්න ඕන එහෙම නොකොලොත් සියලු රට වැසියොම අනතුරේ..තවත් එකක් මේවා කරන්න ඉදිරි දැක්මක් ඇති පාලකයො ඉන්න ඕන

:       0       0

Hafeel Friday, 01 April 2022 01:49 PM

අපේ විමලයා මහ ලොකුවට කිව්වනේ..., වාලච්චේන කඩදාසි කම්හල ඔහු නැවත පටන්ගත්තේ රටට අවශ්‍ය කඩදාසි රට තුළම නිෂ්පාදන කරන්න ඕනෑ කියලා. කෝ ඉතින්? ඒ වගේම තමයි අපේ විමල්, ධම්මික නිෂ්පාදනයටත් යාන්ත්‍රණයක් දුන්නා. වැඩක් වුණාද? දැන් පන්සල් ගානේ ගිහින් මහානායක හිමිවරු බැහැදැකලා තමාගේ දුක් ගැන කියනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 381 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site