( රංජිත් රාජපක්ෂ )
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරි පත් වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් සහ දමිළ ප්‍රගතිශීලි සංධානයෙන් (සජබ) එම සභාවට තේරි පත් වූ උප සභාපති නඩරාජා සිවකුමාර් යන මහත්වරු දැඩි පොලිස් ආරක්ෂාව යටතේ අද (02) සභාවට පැමිණ සර්ව ආගමික වතාවත් පවත්වා එම ධුරයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කළහ.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නිළ වශයෙන් වැඩ භාර ගන්නා අවස්ථාවේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට වතුකරය නියොජනය කරන වෘත්තීය සමිතියක පිරිසක් විරෝධතාවයක් දැක්වීමට සුදානමක් ඇති බවට ලද තොරතුරක් මත නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.
එම සභාවට ජාතික ජන බලවේගයෙන් තේරි පත් වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා ඇතුලු සෙසු සභිකයින් 06 දෙනා, දමිළ ප්‍රගතිශීලි සංධානයෙන් පත් වූ සභිකයින් 05 දෙනා සහ ආධාරකරුවන් සමඟ සභාවට පැමිණ නිල වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු සභාපතිවරයා නෝර්වුඩ් ප්‍රාදේශීය සභවේ කාර්යමණ්ඩලය සමග ඉදිරි වැඩ පිලිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡාවක නිතර විය.
නිල වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියා සිටියේ “නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පසුගිය පාලන කාලයේ දුෂණ සහ අක්‍රමිකතා ගණනාවක් සිදු වී ඇති ප්‍රාදේශීය සභාවක් බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රැකවල් මැද නෝර්වුඩ් ප්‍ර.ස. වැඩ අරඹයි