
( රොමේෂ් මධූෂංක)
යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීමට යුදහමුදාව විසින් පියවර ගෙන තිබුණි.
යපනය පලාලි ප්‍රධාන මාර්ගයේ පිහිටි වාසවිලාන් මන්සන්ධියේ සිට පේදුරුතුඩුව පොන්නාලෙයි මන්සන්ධිය දක්වා ඇති කිලෝ මීටර් දෙකහමාරක දුර මාර්ගය මෙසේ විවෘත කෙරිණි.
පලාලි යුදහමුදා කඳවුරේ ඇති අධිආරක්ෂිත කලාපය හරහා ඇති මෙම මාර්ගය විවෘතව තැබීමෙන් ජනතාවගේ ගමනාගමන කටයුතු ඉතා පහසු වෙයි.
කෙසේ වෙතත් විවෘත කරන ලද මාර්ගයේ ගමන් කරන මගීන්ට පිලිපැදිය යුතු කොන්දේසි 07ක් පමණ යුද හමුදාව විසින් දැනුම් දී ඇත. මාර්ගය විවෘතව පවතින්නේ උදෑසන 06 සිට සවස 5 දක්වා කාලය දක්වා පමණි.

2025 නොවැම්බර් මස 04
756
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යාපනයේ පාරක් වසර 34කට පසු මහජනයාට විවෘත වෙයි
මුදිත් Thursday, 10 April 2025 09:49 AM
අධිආරක්‍ෂිත ප්‍රදේශවලට සිවිල්වැසියන්ට ඇතුල්වෙන්න අවසර තියෙනවා කියල අහල පුදුම හිතුන !!
Kanishka RashanthaThursday, 10 April 2025 10:53 AM
යුද්ධයක් නැතුව High Security Zones කියලා ලේබල් ගහගෙන ඉන්න එක තේරුමක් නෑ නේ...අනික සිංහල මිනිහට කොළඹ තියෙන High Security Zones open කරා නම් යාපනේ ඉන්න දෙමළ මනුස්සයටත් ඒවා open වෙන්න ඕනේ.....
Ahith Thursday, 10 April 2025 11:02 AM
ලංකාව ඉන්දියාව සමග යහපත් දේශපාලන සම්බන්ධතා පවත්වන තාක් ලංකාවේ යුද්ධයක් ඇති වන්නේ නැත.ස්ථිරයි තීන්දුයි.
අරවින්ද මොණරවිල Thursday, 10 April 2025 11:23 AM
දැන් රටේ යුධ තත්වයක් නැති නිසා කිසිම කොන්දේසියක් නැතුව ජනතාවට අයිති පාරවල් විවෘත කරන්න ඕනා, හමුදාව හා පොලීසියට හැකි විය යුතුයි ජනතාවට බදා නොවන ආකාරයට තමන්ගේ කදවුරු හා ස්ථාන ආරක්ෂා කර ගන්න.
Sarath Thursday, 10 April 2025 12:57 PM
යුද්ධය නතර කලේ අනුරද ?ඕපන් කරන්න
සෙනෙවිරත්න Thursday, 10 April 2025 02:03 PM
සරත්, ඉතින් යුද්ධය ඉවර කළා කියලා රටම සුද්ද කරපු කෙනාට කියන්න ඕක විවෘත කරන්න කියලා, අද පාරක බැහැලා යන්න බැරි හේතුව හංගන්න බැහැනේ...