IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මුහුණ සෝදන්න ගඟට ගිය මව සැඩපහරට හසුවී මියයයි


(ඩබ්ලිවි.ඒ.සිරිසේන) 

මුහුණ සේදීමට රක්වාන ගඟට ගිය හැත්තෑපස් හැවිරිදි එක් දරු මවක අද (2) සැඩ පහරට ගසාගෙන ගොස්  මියගොස් ඇතැයි රක්වාන පොලිසිය පවසයි.

 මෙසේ  මියගොස් ඇත්තේ රක්වාන අලුත්පාරගොඩ පදිංචිව සිටි හේවාහල්පගේ අයිරාංගනී නැමැති මාතාවකි.
ඇය දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් නිවසේ හුදකලාව ජීවත්ව සිටි  බව පොලිසිය කියයි.

අසනීප තත්වයෙන් හුදකලාව සිටින මෙම මාතාවගෙ තොරතුරු සොයා බැලීම සදහා ඥාතීන් නිතර නිතර සෙවිල්ලෙන් සිටියත් ඊයේ දින උදේ කාලයේ නිවසට පැමිණ ඇය ගැන සොයා බලද්දී ඇය නිවසේ නොසිටි බැවින් ඒ අවට විපරම් කර බලද්දී එම මාතාව රක්වාන ගඟේ සැඩ පහරට ගසාගෙන ගොස් මීටර් 150ක් පමණ දුරින් රැඳී සිටින අයුරු නිරීක්ෂණය වී තිබේ.

පසුව ඒ පිළිබඳ අසල්වැසියන්ට හා පොලිසියට දැනුම් දීමෙන් පසුව ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කෙරිණි .

කහවත්ත අධිකරණ වෛද්‍යවරයා වෙත මෘත ශරීරය යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසට රක්වාන හදිසි මරණ පරීක්ෂක ධර්මදාස මොරපිටිය මහතා නියෝග කළ අතර රක්වාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක එච්.කේ. චන්ද්‍රසිරි මහතා පරීක්ෂණ කටයුතු මෙහෙයවිය.



අදහස් (0)

මුහුණ සෝදන්න ගඟට ගිය මව සැඩපහරට හසුවී මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 273 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 753 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 1008 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2063 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 1978 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 132 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1245 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1521 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site