IMG-LOGO

‘මුළු රටම මරව් කියද්දී ජේ ආර් ගෙදර ගියාද ‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

එදා මුළු රටම මරව් කියද්දී ජේ ආර් ජයවර්ධන මහතා ජනපතිකම  අතහැර දමා ගෙදර ගියා දැයි මුදල් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රශ්න කළේය.

රටේ ප්‍රචණ්ඩත්වය වැපිරීමෙන් වළකින්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.

ගුණවර්ධන මහතා මෙසේ පැවසූවේ  රටේ තත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේදීය.

පවතින තත්වය යටතේ ඕනෑම අයකුට එක සිය දහ තුන  සාදා පෙන්විය හැකි බවත් එසේ පෙන්නුව හොත් ඒ අයට  ආණ්ඩුව ලබා දෙන බවත්  ඔහු පැවසුවේය

ආණ්ඩුව අරගෙන හෙට විදුලිය ඉන්ධන ගෑස් ලබාදෙන්නැයි  ඉල්ලා සිටින බවද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

මුදල් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද කීවේය.

ප්‍රචණ්ඩත්වයට අත වනන සහ අනුබල දෙන ක්‍රියා පිළිවෙත අප හෙළා දකිනවා.අද ඇතිවී තිබෙන දැවැන්ත ආර්ථික මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙනවා.පාර්ලිමේන්තුවේ විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂයත් මේ මූල්‍ය අර්බුදයට වගකිව යුත්තන් වෙනවා.ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියා කියා ලෙඩුන්ට බෙහෙත් ලැබෙනවාද? දරුවන්ට කිරිපිටි ලැබෙනවා ද?

මෙය ජාතික අර්බුදයක්.අයවැය  ලේඛනයේ හිඟ පියවා ගැනීම සඳහා හැම ආණ්ඩුවක්ම ණය ගෙන තිබෙනවා.මේ අනුව දිනෙන් දින ණය ගොඩ ගැහුණා.අප මීට පෙර දහසය  වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් තිබෙනවා.



අදහස් (7)

‘මුළු රටම මරව් කියද්දී ජේ ආර් ගෙදර ගියාද ‘

Dharmatileke Wednesday, 06 April 2022 03:29 PM

ජේ.ආර්. කියන්නේ පලපුරුදු දේශපාලනේ නායකයෙක්... ජී.ආර්. කියන්නේ සොල්දාදුවෙක්... මෙයාට ගෙදර යනඑක ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑ.

:       22       92

ලුම්බිණි Wednesday, 06 April 2022 04:19 PM

මුළු රටම මරව් කිව්වේ නැහැ. කිව්වේ ජේවීපී විතරයි.

:       9       71

සෙනෙවිරත්න Wednesday, 06 April 2022 05:32 PM

ඒ කතාව හරි, ජේ. ආර් සහ ගෝලයෝ රටටම දුර්දාන්ත කාලයක් උදාකරලා හිතුමතේ ත්‍රාඩ පාලනයක් ගෙනියනකොට එළියට බැහැලා විරෝධය ප්‍රකාශ කළේ ජවිපෙ පමණි... මේ වීරයින් ඇඳන් යට. මැතිණිට පවුල් ප්‍රශ්න, ඇත්ත ඒකයි...

:       17       27

ajith Wednesday, 06 April 2022 04:21 PM

ජේ.ආර්. කියන්නේ පළපුරුදු මොලයෙන් වැඩකළ දේශපාලන නායකයෙක්...

:       27       64

sugath Wednesday, 06 April 2022 05:16 PM

සුදු ළුණු ගඳ දැනෙන්නේ මට විතරද?

:       0       0

wahaldeepe Wednesday, 06 April 2022 09:15 PM

JR horakawe naa yakowww waduru ponnaya enawa methana redihodanna

:       0       0

Saththaya Wednesday, 06 April 2022 10:48 PM

ජේ . ආර් . මැතිතුමා විතරක් නෙමෙයි , මෙතෙක් කල් රට බාර ගත්ත අය ජනතාවගේ බඩට මෙහෙම කලේ නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site