(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
තැන තැන ගොඩගැසුණු මළ මුත්‍රා ඇතුළු කසළ හේතුවෙන් විවිධ ලෙඩ රෝග පැතිරී මහනුවර නගරය විශාලා මහනුවරක්වීමට ඉඩ ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ සියලු ප්‍රශ්න ගැටලු උදාවූයේ ආණ්ඩුව පෙර සූදානමක් නොමැතිව දළදා වන්දනාව සූදානම් කිරීම නිසා බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා මෙයට පෙර රණසිංහ ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරැන් දළදා වන්දනාව සඳහා මාස තුනකට කලින් සූදානම්වූ බවද ප්‍රකාශ කළේය.
දළදා වන්දනාව සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට රැස්වීම් පහළොවක් පමණ එදා පැවැත්වූ බවත් ඒවාට එම ජනාධිපතිවරුන් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෞද්ගලිකවම සහභාගි වූ බවත් කිරිඇල්ල මහතා පැවසීය. දළදා වන්දනාව සඳහා එදා අමාත්‍යාංශ දහයකට වැඩ කටයුතු පැවරූ බවත් නගරයට වතුර රැගෙන ඒම සෞඛ්‍ය අමාත්‍යාංශයට ද කූඩාරම් සැපයීම නිවාස අමාත්‍යාංශයටද ආහාර සැපයීම සංචාරක අමාත්‍යාංශයටද වශයෙන් එලෙස වැඩ පැවරූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලි
හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘මහනුවර නගරය කුණු ගොඩක් වෙලා‘
රම්බොඩ Sunday, 27 April 2025 02:07 PM
ඇයි දළදා වහන්සේගේ භාරකාරත්වය මෙවැනි දේට ඉක්මනින් එකඟ වුනේ? එතැනයි ප්‍රශ්නය. මාලිමාව කියන්නේ සිංහල බෞද්ධකමට කැමැති අය නොවෙයි...
ගමේ එකාලා Sunday, 27 April 2025 02:15 PM
තමුන්ලා ඒ කාලේ හරියට කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
සචිත් Sunday, 27 April 2025 02:24 PM
දැන් නුවර කුණු එකතු කරන ගමන්, ඔයාගේ හන්තානේ ඉඩමට ගෙනත් දාන්නද?
Saman Sunday, 27 April 2025 02:27 PM
ඇත්තටම මේ කියන කතාවට එකඟ වෙන්න වෙනවා. රිලා ප්‍රශ්නයේදී අසමත් තාම ගැටළුව ඒකෙමයි. මේකත් හත්පොලේ අනාගත්තා. මීට වඩා බැරැක්කවල ඉන්න හමුදා වලින් වඩා ගන්න. නිකන් පඩි ගෙවලා බැරැක්කවල තියන්න එපා...
සෙනෙවිරත්න Sunday, 27 April 2025 02:34 PM
අනේ කිරිඇල්ල, තමුන්ගේ නායකයා පරයලා ගොං කතා කියන්න එපා... ඒක වරදක්, මිනිස්සු අසාමාන්‍ය ලෙස පැමිණීම රජයට පාලනය කළ හැකිද? කුණු කසළ එකතු කිරීම මිනිස්සු කලින් දැනුවත් කලා කියලා පාලනය කරන්න හැකිද, ඕන නම් මළ මුත්‍රා පහවීම පාලනයට බෙහෙතක් නිපදවා බෙදන්න තිබුණා සජිත් හිටියා නම්...!
ඩෙංගු මධුරි Sunday, 27 April 2025 02:38 PM
තමන් වෙන කොහෙට හරි ගියානම් කුණු කන්දක් අයින් කෙරුවා වගේ තමයි. හැබැයි ඒ යන තැනට දෙයියන්ගේම පිහිටයි...
prasanna Sunday, 27 April 2025 03:05 PM
රට විනාශ කරපු සහ දේපළ ගිනිතියපු පක්ෂයක් වන ජවිප සංවිධානය කරන්න දන්නේ විනාශකාරී සහ ජනතාවට අයහපත් දේවල් මිස යහපත් වැඩ නොවේ.
Sanath Sunday, 27 April 2025 03:06 PM
2009 දී වැඩේ හරියට ප්ලෑන් කරගන්න බැරිව දවස් දෙකකට කළින් නවත්වලා දැම්මේ ඒක වෙන්න ඇති. කොහොම වුණත් මිනිස්සු කවුරුවත් බඩගින්නේ තියන්නේ නැතිව වැඩිපුරත් එක්ක කෑම ලැබුණා. නියමිත දවස් ගණනත් සම්පූර්ණ කළා. පිරිසිදු කරන වැඩත් ගාණට යනවා. දැන් ඔහෙලට දරාගන්න බෑ මේක...
ලයන් Sunday, 27 April 2025 03:19 PM
හැබැයි මෙයාලා බලේට ඇවිල්ලා දළදා වහන්සේ පෙන්නුවා නම් ඉස්සෙල්ලාම ප්‍රභුවරු ලෙස එන්නේ සජිත්, හාමිනේ, අම්මා දුලාංජලි, ඒ එක්කම කිරි ඇල්ල උන්නැහැ... දූ සිඟිත්තා, ඊට පස්සේ ඇමැති රෑන පවුල්පිටින්. ඔය එක්කෙනෙක්වත් පයින් එන්නේ නැහැ. මාලිගාව ළඟටම ඇවිල්ලා බහින්නේ, එදා රෑ සජියාගේ පවුල රජගෙදර, හෙලිකොප්ටරෙන් පවුල සමග සජිය එන්නේ...!
පොඩිඑකා Sunday, 27 April 2025 03:26 PM
ඔහෙලා මුලු රටම කුණු කන්දක් කරලා තිබුනේ, ඒක ඇදගන්න සෑහෙන කලක් යයි..!
Perera Sunday, 27 April 2025 03:31 PM
නගරයක කසල කලමනාකරණය භාර එම නගරයේ නගර සභාවට වින රටේ රජයට නොවේ.
Sama Sunday, 27 April 2025 08:13 PM
පෙරේරා. මේ කුණුගොඩ හැමදාම කරන සුද්ද කිරීම් වලට වඩා වෙනස් කියලා හිතන්න අමාරුද. මේ වගේ විශේෂ කාර්ය කරනවිට එන්න ඉඩ තියන සෙනග ගැන කලින් හිතලා තීරණ අරන් අවශ්‍ය කරන දේ ලබාදෙන්න ඕනෑ. හැමදාම කුණු අදින පිරිසට ඔය බර දරන්න බෑ කියලා ඔය ආණ්ඩුවේ ඉන්න මොළ කාරයන්ට තේරෙන්න ඕනෑ. බලන් ගියාම මොළ කාරයන්ගේ මොළ ගෙඩි ටිකෙත් කුණු පිරිලා ඉතිරිලා වගේ මේ කරපු විනාසෙ දැක්කම
විපරමා Sunday, 27 April 2025 03:50 PM
මීතොටමුල්ලේ කුණු කන්ද පිදුරුතලාගල කන්ද වෙනකම් උඩට නගිනකම් බලාගෙන හිටියා? මොනවාද කෙරුවේ, කයිවාරු කාරයින්ට මොනවා කියන්න බැරිද?
sugath Sunday, 27 April 2025 04:14 PM
ඉතින් නිකම් කියව කියවා ඉන්නේ නැතුව, ගිහින් නගරය සුද්ද කරන්ට උදව් වෙන්නකෝ...
Tomi Sunday, 27 April 2025 04:14 PM
ජෙප්පන්ට සංවිධානය කරන්න පුළුවන් උද්ඝෝෂණ විතරයි...
පොඩිඑකාSunday, 27 April 2025 10:22 PM
ටොමියෝ…, දලදා දැක්ම ඉවරවෙලා පැය කීපයයි, දැං ගිහිං නුවර බලන්න. ඒ එක්කම ඔහෙලගෙ එවුංගෙ මීටිමක් ඉවර උනාමත් ගිහිං බලන්න.
Rama Sunday, 27 April 2025 06:14 PM
කිරිඇල්ල කියන්නේ හොඳ දේශපාලකයෙක් නොවෙයි... හැබැයි මේ දළදා ප්‍රදර්ශනය ගැන ඔහු කියලා තියෙන්නේ ඇත්ත. මෙහෙම දෙයක් කරනකොට නගර සභාව හෝ මාලිගාව විතරක් බර ඇදලා හරියන්නේ නෑ... අමාත්‍යාංශ, ඇමැතිලා සහ මන්ත්‍රීවරු පවා එකතුවෙන්න ඕනෑ. 1989 පෙබරවාරි මාසයේ දළදා වහන්සේ හොරකම් කරන්න කියලා මාලිගාවේ ඇතුලෙයි, එළියෙයි වෙඩි තියලා සෙල්ලම් පෙන්නුවා වගේ බාගෙට කරලා හරියන්නේ නෑ. ඒකත් හරියට කරගන්න බැරිවුණා. මේකත් හරියට කරගන්න බැරිවුණා. තමුන් විතරයි හැමදේම දන්නේ කියන මතයේ ඉඳන් වැඩ කරන කට්ටිය එක්ක වැඩ කරන්න වෙලා මාලිගාවයි නගර සභාව සහ පොලිසියයි, නුවර මිනිස්සුයි අමාරුවේ වැටුණා....
කපුරු හාමි Sunday, 27 April 2025 08:08 PM
තමුනුත් මහනුවර දිස්තිරික්කයේ ජනතාවගේ පිහිටෙන් වසර 40 කටත් වැඩියෙන් දේසපාලනේ කෙරුවනේ? කියන්නේ නම් ජනතා නියෝජිතයෝ,ජනතාවට සේවය කරන්ඩයි එන්නේ කියලා, තමුන්ටත් බැරියැ සපෝට් එකක් දෙන්ඩ.
Rata Perata Monday, 28 April 2025 02:21 AM
මුන් ලැජ්ජා නැතිව තාම කයිවාරු ගහ ගහ ඉන්න හැටි. කොහෙද තාම මූන්ගේ සපත්තු ලෙවකන්න කැමති ටික දෙනෙකුත් ඉන්නවනේ.
ලුම්බිණි Monday, 28 April 2025 06:36 AM
මෙච්චර කලක් මන්ත්‍රී වෙලා ඉඳල මහනුවර නගරයට ඔබතුමා කරපු එකම වැදගත් වැඩක් පුළුවන් නම් කියන්න
ජයනාත් Monday, 28 April 2025 07:48 AM
ඉහළින් තියෙන කොමෙන්ට්ස් වලින් පේනවා ඇත්ත තත්ත්වය
RS Monday, 28 April 2025 10:33 AM
ලක්ෂ ගාණක් දවස් 10, 12 පාරේ ඉඳලා කුණුගොඩක් වෙන එක අහන්න දෙයක් නෙවෙයි. කවුරු ආණ්ඩුවේ හිටියත් එහෙම වෙනවා .. ඒකට තමයි නගර සභාව තියෙන්නෙ.
ඇරිපල්ල ඇස් ලක්ෂ්මන් Monday, 28 April 2025 02:24 PM
කිරි ඇල්ලේ වෙන දෙයක් ඇත්තෙම නැද්ද රජයට පහර ගහන්න. මිනිස්සු ගොඩාක් දුක් විඳලා තමයි දළදා වහන්සේ වඳින්න ආවේ. ලක්ෂ ගාණක් මිනිස්සු එනකොට ඔහොම වෙනවා.... ඒ අහිංසක මිනිස්සුන්ට නින්දා කරන්න එපා . ඔබතුමා එක දවසක් ඉඳලා බලන්න ඒ විදියට කොච්චර අමාරුද කියලා. ඒ මිනිස්සු කුණුත් කරේ තියාගෙන ද දළදා වහන්සේ වඳින්න යන්න කියන්නේ ......වල පයයි, ගොඩ පයයි තියාගෙනත් දළදා වහන්සේ වඳින්න ආවේ නෑ නේද. තවත් කුණුම හොයනවා.