IMG-LOGO

මහනුවර කෝටිපති කතගේ ඝාතකයා අල්ලයි

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර වැව රවුමේ රතු බෝක්කුව හන්දිය අසල තනිව සුවිසල් නිවසක පදිංචිව සිටි 64 හැවිරිදි කාන්තාවක ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාවගේ ළඟම ඥාතියකු සහ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .

එසේ සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 52 සහ 62 වයස්වල පසුවන  කඩවත සහ දෙල්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පවසන පොලිසිය එම කාන්තාව ඝාතනය කිරීම සඳහා යොදාගත් පිහිය සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ දෙල්ගොඩ නිවස පිටුපස කැලෑවට විසි කර තිබියදී සොයාගත් බවද පොලිසිය කියයි .

මෙම කාන්තාව ඇයගේ නිවස තුළදී ඉකුත් 14 වැනි දින දහවල් 2 ට පමණ ගෙල කපා සාහසික ලෙස ඝාතනය කොට තිබූ අතර අංශ කීහිපයක් ඔස්සේ පොලිස් විමර්ශන සිදුවෙමින් පවතිද්දී මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ජී. එස්. බණ්ඩාර මහතාට ලද තොරතුරකට අනුව මීට අදාළ සැකකරුවන් දෙල්ගොඩ සහ කඩවත ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ .

අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවරට රැගෙන ඒමට නියමිතව තිබූ අතර සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඝාතනයට ලක්වූ කාන්තාවගේ දේපොළ නිසි ලෙස දරුවන් අතර බෙදී නොයාම හේතුවෙන් ඇති වූ වෛරය හේතුවෙන් කාන්තාව ඝාතනය කළ බව එහි ප්‍රධාන සැකකරු  පොලිසියට පවසා තිබේ . කාන්තාව ඝාතනය කිරීම සඳහා ඔහුම පැමිණ ඇති බවද පොලිසිය කියයි .

 



අදහස් (2)

මහනුවර කෝටිපති කතගේ ඝාතකයා අල්ලයි

ලුම්බිණි Monday, 29 August 2022 09:18 AM

තණ්හාය ජායතී ශෝකෝ.

:       1       8

අබිලින් Monday, 29 August 2022 01:15 PM

එතකොට මේක කරලා තියෙන්නෙ දරුවොද.එහෙනම් අම්මා දරුවන්ට දේපළ දෙන්න ඇත්තෙ ඇයට සලකපු හැටියට නේද පොතට සීමා වෙලා තියෙන නීති මොවුන්ට ක්‍රියාත්මක කරන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site