IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


මහින්දට එරෙහි අභියාචනාධිකරණයේ අතුරු තහනම දිගටම

තිළිණි ද සිල්වා 

අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අවලංගු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම කළේය.

නමුත් අභියාචනාධිකරණයේ මන්ත්‍රීවරුන් 122කු ගොනු කළ රීට් පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ අභියාචන පෙත්සම අවසන් වන තෙක් අත්හිටුවීමටද තීරණය කළේය.

ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් එම් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණිනි.

ජනවාරි 16,17,18 දිනයන්හිදී මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතය. ඒ වන තෙක් අභියාචනාධිකරණයේ නඩු විභාගය තාවකාලිකව තහනම් කැරිණි.
 

 



අදහස් (23)

මහින්දට එරෙහි අභියාචනාධිකරණයේ අතුරු තහනම දිගටම

Rata Perata Friday, 14 December 2018 12:28 PM

ඉතා හොඳ තීරණයක්. මරා-සිරා උගුලෙන් කොහොමහරි රට බේරා ගත යුතුයි.

:       1682       3583

ධනුෂ්කSaturday, 15 December 2018 01:54 AM

අැත්තටම සතුටුයි, වෙන මොකුත් නිසා නොව මැදමුලනේ හා පොලොන්නරුවේ, සිරිකොතේ කැලෑ නීතියට. මේ රටේ අධිකරණය යට නොවීම... රටක සමාජ සංවර්ධනය අධිකරණයේ ස්වාධීනත්වය ඉතා වැදගත්. අධිකරණය ස්වාදීන නොවුනහොත් එය කැරලිකෝලහාල දක්වා උඩු දුවනවා. ලංකාව මේ ටිකේ පහළම තැනට වැටුණා. හැබැයි එය නැගීමක අාරම්භයක් කර ගත හැක. මොකද දැන් මිනිස්සු පෙරට වඩා යම් සබුද්ධිමත් ලෙස කරුණු දෙස බලනවා.

:       2       177

Bishan Friday, 14 December 2018 12:31 PM

දැන් සැපද?

:       256       1095

anil Friday, 14 December 2018 12:47 PM

විමලේ... කෝ මේ විමලේ? මේ අනුවණ දේශපාලන අදහස්වල නිර්මාණ ශිල්පීන් ඔවුන්ම තමයි.

:       92       490

Amila Friday, 14 December 2018 12:54 PM

දැන්වත් ගෙදර යන්න මුත්තේ..

:       918       1232

mohanFriday, 14 December 2018 04:14 PM

රනිල්ට කිව්වනං නරකද?

:       189       96

aseSaturday, 15 December 2018 02:39 AM

රනිල්ගෙත් මේ අවසාන වාරය විය යුතුමයි.

:       41       7

jaliya Friday, 14 December 2018 01:05 PM

මහින්ද මැතිඳු අද තනියම වෙල මැද්දේ....

:       295       646

sandy123 Friday, 14 December 2018 01:17 PM

මහරජා පිදුරු ගහෙත් එල්ලෙන්න බලනවා... කොයිතරම් ජනතා ප්‍රසාදයක් මත තේජාන්විතව විශ්‍රාම යන්න තිබුණු කෙනාට වෙච්ච දෙයක්... මේක පටන් ගත්තේ ව්‍යවස්ථාව වෙනස් කරලා තුන් වෙනි පාරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු වෙලාවේ පටන්. දැන් ඉන්න දේශපාලකයින්ට සහ ඉදිරියට දේශපාලනය කරන්න ඉන්න අයට හොඳ පාඩමක්... මේකෙන් හැමෝම ඉගෙන ගත්තොත් හොඳයි. නැතිනම් ඉතින් ඒ ඔක්කොටම වෙන්නේ මේ ආනිසංසේ තමයි. එහෙමත් නැතිනම් අපේ භාෂාවෙන් කියනවා නම් සොරි ඩොට් කොම් තමයි.

:       23       376

channa Friday, 14 December 2018 01:21 PM

මහින්ද ජනාධිපතිතුමාගේ දේශපාලන අනාගතය නැතිකරපු ඔහුගේම ඇම්බැට්ටයන්ට ශාපවේවා..!!!

:       15       281

Rata PerataFriday, 14 December 2018 03:33 PM

එහෙම කියන්න එපා. ඇම්බැට්ටයෝ ටික පාලනය කරගන්න බැරුව, මහින්ද කොහොමද රටක් පාලනය කරන්නේ?

:       1       472

මනෝහර Friday, 14 December 2018 01:23 PM

මේ ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු මණ්ඩලේ සභාපතිතුමිය එතුමගෙ ළඟම මිතුරියක් නිසා දුන්න අදහස් වැරදියි කියල කියන්න මෙයාලට බැහැ. දැන් රටම දැනගත්තා මේ කට්ටිය කල වැඩේ වැරදියි කියලා.

:       2       132

Jehaan Friday, 14 December 2018 02:52 PM

අනේ ඇත්තට පස්සා දොරෙන් ඇවිල්ලා මෙහෙම අපවාද අහන්න ඕන කෙනෙක්ද මේ? අට පාස් කේවට්ටයන් සහ ගුස්තිකාර මැරයන් විසින් ගෞරවනීය පුද්ගලයෙකුට කළ විනාශය තවමත් තේරුම් ගෙන නැති හැටි...

:       0       176

sirimal Friday, 14 December 2018 02:53 PM

මේක නම් හොඳටම බොන්න වෙන වැඩක්...

:       0       108

Danna Friday, 14 December 2018 03:31 PM

අම්මෝ ලොකු දෙයක්...

:       0       529

Ajith Nissanka Friday, 14 December 2018 03:36 PM

මහින්ද ජනාධිපතිතුමාගේ දේශපාලන අනාගතය වැඩි හරියක් නැති කලේ එයාගේ පවුලේ උදවිය !

:       0       312

kamil Friday, 14 December 2018 06:12 PM

අනේ මන්දා මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි වේ. එමනිසා මන්ත්‍රීකමත් අහිමි වේද ...?

:       0       137

Appuhami Friday, 14 December 2018 06:38 PM

කොහොමද තානාපති කාර්යාලවල සල්ලි විසිකිරිල්ල, අනේ අපේ රටත් සල්ලිවලට යටවුණා.

:       0       0

sudelmi Friday, 14 December 2018 08:24 PM

රවී යනු සහතික ලත් කළමනාකරණ යාවජීව සාමාජිකයෙක් (CIMA) ශ්‍රී ලංකා වරලත් ගණකාධිපති ආයතනයේ යාවජීව සාමාජිකයෙක්. ඒ වගේම 8 ශ්‍රේණියට වැඩ ඉගෙනගත් කෙනෙක් කබ්රාල් හට රවිට නැති දේවල් මොනවද තියෙන්නේ?

:       0       0

පෙරුමාල් Saturday, 15 December 2018 03:16 AM

මෙයා ජාතිය අමතන්න යනවලු. රාජ්‍ය මාධ්‍ය ආයතන ජාතිය ඇමතීම සඳහා පාවිච්චි කිරීමට මේ හොරාට ඇති අයිතිය කුමක්ද? මෙයා කිව්වේ පහු වෙනකම් හිටියොත් රටක් ඉතුරු වෙන් නැති නිසා අගමැතිකම බාර ගත්තා කියලයි. ඒ වුණාට යන්නේ රට නැත්තටම නැති කරලා අධිකරණයෙනුත් එලෙව්වට පස්සෙයි. මෙහෙම අය නායකයෝ වෙච්ච රටක් මේ තරමින්වත් ඉතුරු වුණු එක දේව හාස්කමක්...

:       7       155

darme Saturday, 15 December 2018 03:33 AM

මහින්දත්, රනිලුත් දෙන්නම විශ්‍රාම යන්න ඕනෑ. මහින්ද පුතාට දුන්නොත් හොඳයි. රනිල්ගේ විකල්පය සජිත් ප්‍රේමදාසයි.

:       17       4

V.warnakulasuriyaSaturday, 15 December 2018 04:29 PM

අපේ රට වලපල්ලට යන්න ප්‍රධාන හේතුවක් තමයි ජනතා බහුතරයකගේ මේ අදහස. ඉන්න තරම් මැට්ටෝ රටපාලනය කරන්නේ රටේ පාලනය පරම්පරාවට යායුතුය යන සිතුවිල්ල නිසාය. බොහෝදුරට ගෝත්‍රික ගතිය තවමත් අප තුළ පවතී

:       0       0

deegala Monday, 17 December 2018 12:08 PM

අපි හැමෝම මුහුදට පනිමු පුතාට දුන්නොත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 846 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 146 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 456 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 914 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 538 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 739 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site