IMG-LOGO

මව් පිය වලියෙන් පසු දරු දෙදෙනාගේ සිරුරු කැලෙන් හමු වේ

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර කරපිංච ශාන්ත ජෝකිම් වත්තේ ලැයිම් කාමර අංක හතර අසල ඇති ළිඳක් ආසන්නයේ කැලෑ රොදක තිබී අවුරුදු හතක් සහ අවුරුදු එක හමාරක් වයසැති දරු දෙදෙනකුගේ මළ සිරුරු දෙකක්  හමුවු බව කුරුවිට පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ ශාන්ත ජොකිම්වත්තේ අංක හතර ලැයිම් පේලියේ නිවසක පදිංචිව සිටි අවුරුදු හතක් වයසැති ගජෙන්ද්‍රකුමාර් සර්වනාද් සහ අවුරුදු එකහමාරක් වයසැති ගජේන්‍ද්‍රකුමාර් නිෂාද් යන එකම පවුලේ දරු දෙදෙනාය.

දරු දෙදෙනා මියගොස් ඇත්තේ කෙසේද යන්න සැක සහිත බව පොලිසිය කියයි. දරුවන්ගේ මව වු විසිනව හැවිරිදි කාන්තාවක් පවසා ඇත්තේ තමන්ගේ දරු දෙදෙනා ළිඳේ වැටී සිටිය දි අලුයම තමන් විසින් ගොඩගෙන අසල කැලේ තැබූ බව යැයි පොලීසිය සඳහන් කළේය.

දරුවන් දෙදෙනාගේ මවුපියන්  ආරවුලක් ඇතිකරගෙන ඇති බවට විමර්ශනවලින් පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ආරවුලෙන් පසු මියගිය ළමයින් දෙදෙනාගේ මව අලුයම් කාලයේ නිවසින් පිටව ගොස් ඇති බවත් හෙළිවී තිබෙන බව පොලීසිය පැවසුවේය.

අඹුසැමි ආරවුලෙන් පසු මියගිය ළමයින් දෙදෙනාගේ පියා නිවසින් පිටව ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (0)

මව් පිය වලියෙන් පසු දරු දෙදෙනාගේ සිරුරු කැලෙන් හමු වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 528 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site