(ඉන්දිකා රාමනායක)
නැගෙනහිර කොළඹ මූලික රෝහල (මුල්ලේරියාව රෝහල) ගබඩාව කාමරය හා අවට නිවාස කිහිපයක් බිඳ රුපියල් ලක්ෂ 10 ට ආසන්න භාණ්ඩ සොරාගත් සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.
රොහලේ ගබඩා කාමරය බිදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු හා අවට නිවාස බිදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු වශයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා ඉකුත් 27 දින රාත්‍රියේ රෝහලේ ගබඩා කාමරයෙන් ජනේලයක් කඩා ගබඩා කාමරයට ඇතුලු වී එහි දේපළ සොරාගෙන ගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් රෝහලෙන් මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුල්ලේරියාව හා අංගොඩ ප්‍රදේශවල පදිංචි 31 හා 36 යන වයස්වල පසුවන පුද්ගලයන් බවද පොලිසිය කියයි.
රෝහලේ ගබඩා කාමරයෙන් සොරාගෙන ගොස් තිබු භණ්ඩ අතරින් වෙල්ඩින් කූරු පෙට්ටි 4 ක්, ටේරඩ් බාර් 41 ක්, ලීටර් 4 තීන්ත සහිත බාල්දි 4 ක්, කිලෝ 5 ගම්බෝතල්, පී වී සී නළ 09 ක්, ඇන්කර් බෝල්ට් 50 ක්, කටින් වීල් පැක් 01 ක්, යකඩ ඇන හා වොෂර් 500 හා රැසක් සොයාගත් බව පොලිසිය පවසයි.
මෙම භාණ්ඩ අලෙවි කර තිබියදි පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, තවත් භාණ්ඩ රැසක් සොයා ගැනීමට නියමිතව ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මුල්ලේරියාව රෝහලේ ගබඩාව කැඩූ පිරිසක් මාට්ටු