IMG-LOGO

මිරිහාන විරෝධතා ජාත්‍යන්තරයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණය පිළිබඳ පුවත මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් විය.

ඊයේ (31) රාත්‍රීයේ ජනාධිපති නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ  උද්ඝෝෂකයින් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් ජනාධිපති නිවසට ඇතුළු වීමට උත්සහ  දැරීම විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ.

ෆ්‍රී ප්‍රෙස් ජර්නල් පුවත් සේවය පවසා සිටියේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය රාජපක්ෂ පාලනයේ දුර්වල කම් හේතුවෙන් ඇති වී ඇති බව උද්ඝෝෂකයන් විශ්වාස කරන බවත් ඔවුන්ගේ කෝපය සටන් පාඨ කියමින් පිටකිරීමට උත්සහ දැරූ බවත් පුවත් සේවය පවසයි.

උද්ඝෝෂකයන් කළහ කාරී ලෙස හැසිරෙන අවස්ථාවේ ආරක්ෂක අංශ විසින් වෙඩි තැබූ බවත් වැඩි තැබූ උණ්ඩ රබර් උණ්ඩ ද ජීව උණ්ඩ ද තහවුරු කරගැනීමට නොහැකි වූ බවත් ෆ්‍රී ප්‍රෙස් ජර්නල් පුවත් සේවය වාර්තා කරයි.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර සිටියේ හෙල්මට් දමාගත් පිරිසක් බිත්තියක් පෙරළමින් බස් රථය ගිනි තැබීමට පෙර පොලිසිය දෙසට ගල් ගැසූ බවය.

ගාර්ඩියන් පුවත් සේවය වාර්තා කර සිටියේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය මධ්‍යයේ උද්ඝෝෂකයන් ජනාධිපති නිවසට කඩා වැදීමට උත්සහ කළ බවය. අල්-ජසීරා පුවත් සේවය වාර්තා කළේ උද්ඝෝෂකයින් 54 දෙනකු මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සමහරක් අත යකඩ පොලු,තියුණු ආයුද තිබූ බව  පොලිසිය සඳහන් කළ බවය.

ඇරැබ් පුවත් සේවය වාර්තා කර සිටියේ ආර්ථික අර්බුදය මුල් කරගනිමින් පැවති උද්ඝෝෂණයේදී දුසිම් ගණනක් අත් අඩංගුවට ගෙන ඇති බවයි.එසේම අත් අඩංගුවට ලක් වූ උද්ඝෝෂකයින් සමහරක් විවිධ තුවාල හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව ඔවුන්ගේ නීතිඥවරයා වන නුවන් බෝපගේ මහතා පැවසූ බවද එම පුවත් සේවය පවසයි.

(විමුක්ති එස් රුද්‍රිගු)

 



අදහස් (0)

මිරිහාන විරෝධතා ජාත්‍යන්තරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 380 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site