(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බරපතල පනත් තුළින් සාක්ෂි සනාථ නොකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් ජනතාව අපහසුතාවයට පත් නොකරන ලෙසට මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍ර රාජා මහතා විවෘත අධිකරණයේදි (29) කොස්වත්ත පොලිසියට දැඩි ලෙස අවවාද කළේය.
කොට්ටරාන් මුල්ල ප්‍රදේශයේ පසුගිය 13 දින ඇතිවු නොසන්සුන්තාවයට සම්බන්ධ යැයි පවසමින් ඉන් පසුව පළුවැල්ගාල ගම්මානයේ නිවසක රැදි සිටි බව පවසමින් පාසල් සිසුන් සිව් දෙනෙකු හා රෝගී පුද්ගලයකු ඇතුළු 31 දෙදෙනෙකු කොස්වත්ත පොලිසිය මගින් 16 දින මාරවිල අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එසේ අධිකරණයට ඉදිරිපත් කර තිබු සැකකරුවන් 31 දෙනා 2019 අප්‍රේල් 22 දින අති විශේෂ ගැසට් පත්‍රයේ 2150 / 541 මහජන ආරක්ෂණ ආඥා පනතේ 5 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සකසන ලද නියෝගයට යටත්ව IV ජේදයේ 25 වන වගන්තිය ප්‍රකාරව නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් නඩු පවරා තිබිණි.
පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබු සැකකරුවන් අදාල පනත මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර ඒ අනුව සැකකරුවන් 31 දෙනා 29 දක්වා බන්ධනාගාර ගත කිරීමට මාරවිල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.
සැකකරුවන් යළි ( 29 ) දින බන්ධනාගාරයේ සිට මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදි කොස්වත්ත පොලිසිය මගින් නිතිපති උපදෙස් මත මහජන ආරක්ෂණ ආඥා පනත ඉවත් කරමින් වාර්තාවක් මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 140 හා 145 යටතේ නඩු පැවරීමට කටයුතු කර තිබුණී.
දණ්ඩ නීති සංග්‍රහයේ 140 හා 145 වගන්ති යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබු සැකකරුවන් 31 දෙනාට මාරවිල මහෙස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍ර රාජා මහතා විසින් එක් අයකට රුපියල් 50000 ( පනස් දහස බැගින් ) ශරීර ඇප එකක් නියම කරමින් ඇප මත මුදා හැරිමට පොලිසියට නියෝග කෙරුණී .
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මාරවිල මහේස්ත්‍රාත්ගෙන් කොස්වත්ත පොලීසියට අවවාද